බල්ලට ගිය ඡන්දයක් – අපූරු ඡායාරූප කතාව
- Editor
- May 8, 2021
- Photo Stories, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
‘ඡන්දේ බල්ලට ගිහින්“ කියලා අපි ඇතැම් විට කියනවා. ඒත් ඇත්තටම බල්ලන්ට ලෝකේ කිසිම රටක ඡන්ද බලය නැහැ වගේම බල්ලන්ට ඡන්දය දෙන්නෙත් නැහැ. ඒත් පසුගිය දා මහා බ්‍රිතාන්‍ය යේ පැවැති ඡන්ද විමසීම අතරතුර ලෝකය පුරා සංසරණය වූ අපූරු ඡායා රූප බැලූ විට නම් හිතුණේ ‘ඡන්දය බල්ලට ගියා නම්“ හොදයි කියලා.
බී.බී.සී වාර්තා දක්වන ආකාරයට මහා බ්‍රිතාන්‍ය යේ ඡන්ද මධ්‍යස්ථානවල සුනඛයන්ගේ පින්තූර මැතිවරණ දින සම්ප්රදායක් බවට පත්ව තිබෙනවා. මේ පසුගිය දා මහා බ්‍රිතාන්‍ය යේ පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද පොළ තුළ දක්නට ලැබුණු අපූරු සුනඛ සුරතලුන්ගේ සුන්දර ඡායාරූප එකතුවක්.













ඡායාරූප – බී.බී.සී

