කොළඹ, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලින් අලුත් කොවිඩ් ප්‍රභේදයක් ?
- Editor
- April 26, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
පසුගිය සිංහල අලුත් අවුරුදු සමයෙන් පසුව කොළඹ, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලින් ලැබුණු සාම්පලවල වෙනස්ම කොවිඩ් වෛරස් ප්‍රභේද තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ත වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පැවසූ බව ලංකාදීව ඊ පුවත්පතේ වාර්තාවක සදහන් වේ.
එම වෛරස වල එස් ජාන (ප්‍රෝටීන ) හඳුනා ගැනීමේ අපහසුතා ඇතිවූ බවත් මෙම වෛරස බොහෝ දුරට බ්‍රිතාන්‍යයේ පැතිර ඇති වෛරස ප්‍රභේදයට බොහෝ දුරට සමානකම් ඇතැයි සැක කෙරෙන බවත් කී ජීවන්දර මහතා ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වී ඇති වෛරස් ප්‍රභේදයේ යම් විකෘතිතාවයක් දක්නට ඇති බවත් වෛරසය සීඝ්‍ර ව්‍යාප්ති ලක්ෂණ පෙන්නුම් කිරීම කැපී පෙනෙන බවත් සදහන් කර ඇත.
ලංකාවේ පැතිර පවතින්නේ සත්‍යයෙන්ම බ්‍රිතාන්‍ය ප්‍ර භේදය ද එසේ නැතිනම් ලංකාවේ ප්‍රභේදය වෙනස්කමකට භාජනය වීමක් ද එසේත් නැතිනම් මෙරටදීම නිර්මාණය වූ ප්‍රභේදයක්ද යන්න සොයා බලන බව කී ආචාර්ය වරයා මෙරට ඉන්දියානු වෛරස ප්‍රභේදය පැතිර ඇතැයි මෙතෙක් තහවුරු වී නැතැයි ද පවසා ඇත.

