ඉදිරි දෙසතියේ සියලු රාජ්‍ය පෞද්ගලික උත්සව නවතී
- Editor
- April 25, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (25) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර තිබෙන බවයි. කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස මේ පියවර ගෙන ඇත.

