අලුතින් පොලිස් ස්ථාන 190ක් ස්ථාපිත කිරීමට පියවර
- Editor
- April 4, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අලුතින් පොලිස් ස්ථාන 190ක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අයියන්කන්කුලම් නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
ලංකාවේ මේ වන විට තිබෙන්නේ පොලිස් ස්ථාන 494ක් බව කී අමාත්‍යවරයා ජනතාවට බියෙන් – සැකෙන් තොර සමාජයක් බිහි කිරීම තම අරමුණ බව ද පැවසුවේය.

