අපරාධ රැල්ල මැඩලීමේ මෙහෙයුම් ගැන මහජන ආරක්ෂක ඇමති කළ හෙළිදරව්ව
- Editor
- March 19, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමඟ පෙර දැනුම් දීමකින් තොරව රට පුරා ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය
විවිධ ගණයේ අපරාධකරුවන් විවිධ ස්ථානවල සැඟවී සිටින නිසා පෙර දැනුම් දැනුම් දීමකින් තොරව ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමග පෙර දැනුම් දැනුම්දීමකින් තොරව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් එහිදී අපරාධකරුවන්ට පලා යාමට ඉඩ නීතියේ රැහැනට හසු කර ගැනීමට අපේක්ෂා කරන බවත් විවිධ වූ ජාවාරම්කරුවන් සහ වරෙන්තුකරුවන් ග්‍රහණයට ගැනීමට සූදානමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම මෙහෙයුම් අඛණ්ඩව දින ගණනාවක් පුරා දිවා රාත්‍රියේ පැවැත්වෙන බවත් එය සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහාය ද ඉතා අගය කරන බවත්, ජනතාව දන්නා තොරතුරු අදාළ නිලධාරීන් වෙත නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් සරත් වීරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය

