ඇමෙරිකානු ඩොලරයට යළිත් ‘රුපියල් 200.06ක්’
- Editor
- March 16, 2021
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නැවත වරක් අද (16) රුපියල් 200 සීමාව ඉක්මවා ගිය බව මහ බැංකුව පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (16) රුපියල් 200.06ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 198.25ක් ලෙසත් සටහන් වුණා.
2020 වසරේ අප්‍රේල් මාසයේ 08 වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවා ගිය අතර 2021 ජනවාරි 1 වැනිදා සිට මාර්තු 12 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5.2 කින් අවප්‍රමාණය වී ඇති බව ද සදහන්

