ගුවන් යානා සංදර්ශනය ඇරඹේ

Spread the love

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ  ගුවන් යානා සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාෙග් ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ දී ආරම්භ කෙරිණ.

ගුවන් සංදර්ශනයට ඉන්දියානු ගුවන් හමුදාවට අයත් සාරංග්, සූර්යකිරන් සහ තේජාස් ගුවන් කණ්ඩායම් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා එක් කර තිබේ. මාර්තු 04 සහ 05 යන දිනවල ප.ව 5.00 සිට 6.00 දක්වා සංදර්ශනය පැවැත්වේ.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් හා හෝක් (HAWK) ජෙට් යානා 14ක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් සෙස්නා 150, වයි-12, බී-200, එම්ඒ-60 සහ එෆ්-7 ප්‍රහාරක ජෙට් යානා ඇතුළු ගුවන් යානා 24කින් සංදර්ශනය වර්ණවත් විය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු, ආරක්ෂක ලේකම් ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, ඉන්දීය සහ බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානීහු ඇතුළු පිරිසක් සංදර්ශනය නැරඹීමට එක්ව සිටියහ.

Tags: