Photo Story: සිතුවමක සැඟවුණු කතාව
- RSL
- August 11, 2020
- Photo Stories
- featured
- 0 Comments
බඩගින්නේම මියයන්නට දඬුවම් ලද මිනිසෙකුට, ඔහුව සිරගත කොට ඇති සිරකුටියට පැමිණ ඔහුව බැලීමට අවසර ලද එකම තැනැත්තිය වූ සිරකරුවාගේ දියණිය පිය සෙනෙහසින් උතුරාගිය සිතින් පියාට තම දෙතනින් කිරි දී මරණයෙන් බේරාගත් පුවතක් රැගත් රෝමානු පුරා කතාව බොහෝ යුරෝපා සිත්තරුන්ට සිතුවම් සඳහා තේමා වූවකි.
මේ පුරා කතාවේ විවිධ හැඩයෙන් යුතු ඒවා ඇතත් එහි වඩාත් ජනප්‍රිය කතාවට අනුව මේ දියණිය පේරෝ වන අතර පියා සිමොන් වේ.
අවසානයේ ඇගේ මේ රහසිගත ක්‍රියාව හසුවී අධිකරණයට ඉදිරිපත් කළ පසුව පිය සෙනෙහස නම් ස්වභාවික හැඟීම නීතිය අභිබවා ගොස් දියණියගේ ක්‍රියාව සාධාරණීකරණය වී පියාට නිදහස හිමිවීම ඉහත රෝමානු පුරා කතාවට අනුව සිදුවේ.
ලොව ප්‍රධාන කලාගාර බොහෝමයක විවිධ සිත්තරුන් මෙම තේමාවෙන් ඇඳි සිතුවම් දහයකටත් වැඩි ප්‍රමාණයක් මා නරඹා ඇත.
නූතන කලා කෘතීන් බොහෝමයකටද විවිධ රූපයෙන් මෙම තේමාව පාදක වූ අතර ජෝන් ස්ටයින්බෙක්ගේ The Grapes of Wrath කියවා ඇති අයෙකුට එහි අවසන් භාගයේ මෙවැනි සිදුවීමක් ඇති බව මතක ඇතැයි සිතමි.
ප්‍රංශ ජාතික සිත්තර Charles Mellin (1597 – 1649) විසින් ඉතාලි සම්භාව්‍ය චිත්‍ර කලාවේ ඇසුරින් හා බැරොක චිත්‍ර සම්ප්‍රදායේ ගුණ රුව ඇතුව, ඉහත කී පුරා කතාව පාදක කර ගනිමින් ඇඳි සිතුවම පහත දක්වා ඇත.

එහි දැක්වෙන්නේ කලෙක සිරගෙයක් ලෙස භාවිතා කළ බෙල්ජියමේ ගොඩනැගිල්ලක ඇති මේ තේමාවෙන් යුතු ගරුඬ පාශානමය කෘතියකි.





-ජනක ඉනිමන්කඩ-

