සටහන – ගජබා නාගහවත්ත
ඇමති ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ ඉතා කාර්යබහුල වී සිටියේ දිස්ත්‍රික්කයේ සියළු ආසන බල මණ්ඩල කැඳවා තිබුණි . ඒ බලමණ්ඩල වලදී ඔහු ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කලේය.
“මෛත්‍රී ගැවුනු එක්කෙනෙකුටවත් ඡන්දය දෙන්න එපා ” ඔහු කීවේය.
මෛත්‍රීගේ 10ක් පාර්ලිමේන්තුවට ආවොත් ආණ්ඩුව ඉවරයි
” මෛත්‍රීව සත පහකටවත් විශ්වාස කරන්න බැහැ . මෛත්‍රීගේ කට්ටිය හැම දිස්ත්‍රික්කයකින්ම වගේ අපේ පක්ෂයෙන් ඉල්ලනවා . එයාලා 10 දෙනෙක්වත් බැරිවෙලාවත් පාර්ලිමේන්තුවට ආවොත් අපි හදන ආණ්ඩුවට ඒක භයානක වෙනන් පුළුවන් . මේ අය අපිට කොන්දේසි දමාවි. අගමැති කම වුණත් ඉල්ලන්න බැරි නෑ . ඒ නිසා කෝකටත් එයාලව ගෙදර නතර කරන එක හොඳයි. ” ප්‍රසන්න ප්‍රසිද්ධියේ කිවේය.
මේ ප්‍රකාශය දෙබරයට ගල් ගැසීමක් වුනේ ශ්‍රීලනිප පාර්ශවය ඊට උත්තර බදින්න වීමත් සමඟය. මුලින්ම ඊට උත්තර බැන්දේ දයාසිරිය. ප්‍රසන්න එජාපයේ ඩීල් එකක් කරන බවය. ගිය තරම් ප්‍රසන්නට මෙවර ගම්පහින් ඡන්දය හම්බවෙන්නේ නැතැයි ද දයාසිරි කීවේය. මහින්ද අමරවීර ද ප්‍රසන්නට උත්තර දුන්නේය. ඔහු කිවේ අපිට දොස් කීමෙන් ජනපතිට තුනෙන් දෙකේ බලයක රජයක් පිහිටුවීමේ අවස්ථාව අහිමි කිරීමට ප්‍රසන්නලා කටයුතු කරන බවය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායක කතාව පසුගිය අඟහරුවාදා ( 30 ) දහවල් ජී.එල් ගේ නිවසේ රැස්වන්නේ මෙවනි පසුබිමක් තුළය . මේ පක්ෂ නායක රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ද එක්ව සිටියේය. ප්‍රසන්න, උදය, ඩිව්, ගාමිනි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර යන මහත්වරු ද ඊට එක්ව සිටියහ.
ගාමිණි ලොකුගේ ප්‍රසන්නව අගය කරයි
රැස්වීමට පෙර ලොකුගේ ප්‍රසන්නගෙන් ඇසුවේ ප්‍රසන්නගේ මෛත්‍රී විරෝධය ගැනය.
” ඔයා දෙනවා නේද සැරටම.. මම දැක්කා මෛත්‍රීව සැරටම විවේචනය කරනවා. ” ලොකුගේ කීවේය.
” ඔව් ඇමතිතුමා . මට නම් මිනිහව පෙන්න බෑ . පුළුවන් තරම් රටට වින කරලා එනවා සුදන වෙන්න. ” ප්‍රසන්න කීවේය.
” මම මෛත්‍රීට ගහනකොට මෛත්‍රීගේ කට්ටියට හොඳම රිදිලා. භූමිතෙල් ගෑවුනු ගැරඬි වගේ දඟලනවා මම දැක්කා. දයාසිරි කියලා තියෙනවා මට මේ පාර ගිය පාර තරම් මේ පාර ඡන්ද ලැබෙන එකක් නෑ කියලා. ගම්පහ මිනිස්සු දයාසිරිගේ අභියෝගයට උත්තර දෙය. ලස්සනම වැඩේ කියන්නේ මං මෛත්‍රීට ගහනකොට දයාසිරිලා කියනවා මම යූඑන්පී ඩීල්කාරයෙක් කියලා. යහපාලන ආණ්ඩුවේ කටු සූප්පු කරපු අය අපිට ඩීල්කාරයෝ කියලා චෝදනා කරන එක තමයි ලොකුම විහිළුව.” ප්‍රසන්න කේන්තියෙන් කිවේය.
” ඇත්තටම මොකද ඔච්චර මෛත්‍රී එක්ක තරහා ” ලොකුගේ ඇසුවේය.
” මට ශ්‍රී ලංකා එකත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. මට ප්රශ්නය තියෙන්නේ මෛත්‍රී එක්ක. පසුගිය අවුරුදු හතර හමාරේ රනිල්ලා සජිත් ලා එක්ක එකතු වෙලා මේ රට විනාශ කලා. අපෙන් කොච්චර පලිගත්තද ? මගේ පෞද්ගලික මතය තමයි මම කියන්නේ. මම ඒක අදත් කියනවා හෙටත් කියනවා. රට පුරාම ගිහින් කියනවා මෛත්‍රීට ගෑවුනු කාටවත් ඡන්දය දෙන්න එපා කියලා. ” ප්‍රසන්න දැඩිව කීවේය.
සමෘද්ධි ණය සහන ප්රශ්නය ප්‍රසන්න අගමැතිට යොමු කරයි
ඇමති ප්‍රසන්න පසුගිය සතියේ අගමැති මහින්දට දුරකථන ඇමතුමක් දුන්නේය. ඒ සමෘද්ධි ප්‍රතිලාභින්ට ලබාගත් ණය මුලදලට අදාලව සහන නොලැබීම ගැනය. කොරෝනා වලින් ණය වාරික කිහිපයක් එකවර ගෙවිමට සිදුවීම නිසා මේ ගැටළුව පැන නැගී තිබිණි.
” සර් මේ ගැන බලන්න. සමෘද්ධි අය ලොකු ගැටළුවක ඉන්නේ ” ප්‍රසන්න කීවේය.
” ඔව් ප්‍රසන්න මටත් මේ ගැන ආරංචි. මම පවිත්‍රා ඇමතිතුමියටත් කීව්වා මේ ගැන බලන්න කියලා. අපි ඉක්මනින් ඕක විසඳමු. ” මහින්ද කීවේය.
පසුගිය බදාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. ජනපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද ඒ මොහොතේම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපති ලේකම්ට කිවේය. ඒ අනුව එදිනම සවස් වනවිට ඒ සම්බන්ධ චක්‍ර ලේඛයද නිකුත් කෙරින.
ලන්සා ගැන ප්‍රසන්නගෙන් අලුත්ම හෙළිදරව්වක්
පසුගිය සතියේ වත්තල ආසනයේ පැවැති මධ්‍යම සංවිධාන රැස්වීමට ගිය ඇමති ප්‍රසන්න තවත් හෙළිදරව්වක් කලේය. ඒ ඇමති නිමල් ලාන්සා පිලිබඳවය.
“ලාන්සා යහපාලන ආණ්ඩුවේ හිටිය බව කියමින් සමහරු මඩ ප්‍රචාරයක් ගෙනියනවා. ලාන්සාව යහපාලන ආණ්ඩුවට යැව්වේ අපි. ලාන්සා එවලේ කලේ අපි කියපු දේ ” ප්‍රසන්න කීවේ රැස්ව සිටි පිරිසගේ අත්පොලසන් මැදය.
සටහන – ගජබා නාගහවත්ත