කොරොනාවලින් බැට කෑ අග්නිදිග ආසියානු ගොවීන්ට E-commerce පිහිටට එයි !
කොවිඩ්-19 වසංගතය මර්ධනය කිරීම සදහා මැලේසියාව අගුළු දැමූ විට කැමරන් හයිලන්ඩ්ස් (Cameron Highlands) හි ගොවීන්ට නැවුම් එළවළු ටොන් ගණනක් ඉවත දැමීමට සිදුවිය.
වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා සමාජ සීමාවන් හඳුන්වා දීම නිසා එළවළු වෙළෙඳපොලවල් වසා දමන දැමීමට ඊට හේතුවයි. වෙළෙදපොළවල් වසා දැමීම නිසා පීඩාවටත් දුෂ්කරතාවට පත්ව සිටි ගොවීන්ට ගැළවුම්කාරයෙක් හමු වුණේය. ඒ අන්තර්ජාලය හරහා අලෙවිය නැතහොත් බොහෝ දෙනා දන්නා කියන E-commerce නැතහොත් ඊ- වානිජ්‍යයි.

ඊ-වාණිජ්‍යය ඔවුන්ගේ ගැලවුම්කරුවා වූයේ ඔවුන් පළමු වරට ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීමට අන්තර්ජාලයට ගිය බැවිනි.
අග්නිදිග ආසියාව පුරා සිටින ගොවීන්ට සහ ධීවරයින්ට තම නිෂ්පාදන පාරිභෝගිකයින්ට හෝ ව්‍යාපාරිකයින්ට අලෙවි කිරීම සඳහා නව ක්‍රමයක් අනුගමනය කරන විට එය සමාන කතාවකි.
මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර් සිට කි.මී. 200 ක් උතුරින් පිහිටි කැමරන් හයිලන්ඩ්ස් හි ඩියොනස් වතුයායේ හිමිකරු ස්ටීව් ටියෝ Steve Teoh ය. ඔහු ඉරිඟු සහ මල් අලෙවි කරයි.
“ගමන් බිමන් යාම සීමා කරන නියෝගය ක්‍රියාත්මක වූ මම හිතුවේ මගේ අස්වැන්න විසි කිරීමට සිදුවෙයි කියලා. විශේෂයෙන් මල් අලෙවි කිරීමට නොහැකි වෙයි කියලා. ඒකට හේතුව වුණේ මල් සැරසිලි සාප්පු වසා දැමීමයි. ඔවුන් වෙත පාරිභෝගිකයින් නොඑන විට මගේ මල් මිලදී ගැනීමක් සිදු නොවන බව මම දැනගෙන හිටියා. ඒ නිසා මගේ මල්වලට තිබුණ ඉල්ලුම එක රැයකින් අවසන් වුණා”

එහෙත් ඔහු නොසිතූ ලෙස සියල්ල ධනාත්මකව වෙනස් විය. සිංගප්පූරුවේ ඊ-වාණිජ්‍ය වේදිකාවක් වන ලාසාඩා, (Singapore-based e-commerce platform Lazada) ටියෝ මහතාගේ පිහිටට පැමිණියේය. ඔහුගේ මල් නව පාරිභෝගික පදනමක් වෙත විකිණීම සඳහා ඔහු අන්තර්ජාල මල් සැරසිලිකරුවෙකු සමඟ සම්බන්ධ විය. අලෙවිකර ගැනීමට නොහැකි වෙතැයි බියට පත්ව සිටි ඔහුගේ මල් අන්තර්ජාලය හරහා අලෙවි වුණේය.
මැලේසියාවේ මෙවැනිම ගැටලුවකට මුහුණ දී සිටින අනෙකුත් ගොවීන්ට ද සාම්ප්‍රදායික ක්‍රමයට විකිණීමට නොහැකි නැවුම් පලතුරු හා එළවළු අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට Lazada උදව් කළේය.
Lazada වාර්තාවලට අනුව පළමු සති අන්තයේ පමණක් එළවළු ටොන් 1.5 කට වඩා අලෙවි විය.

“ඔන්ලයින් නාලිකාවක් නොමැති වුණා නම් මට බොහෝ විට මගේ මල් විසි කිරීමට සිදුවෙනවා” ටියෝ මහතා පැවසීය.
Audrey Goo යනු නැවුම් මුහුදු ආහාර නිෂ්පාදනය සහ බෙදාහැරීමේ සේවාවක් වන මැලේසියාව පදනම් කරගත් MyFishman හි හිමිකරුවාය. ඊ-වාණිජ්‍ය වේදිකාවට සම්බන්ධ වීමට පෙර වෙළඳපොලවල විකිණීම හෝ නැවුම් මාළු ලබා නොදීම යන ගැටලුවටද ඇය මුහුණ දුන්නාය.
“අපගේ ව්‍යාපාරයට අනිවාර්යයෙන්ම කොවිඩ් -19 බලපා තිබෙනවා. රට වසා දැමීම නිසා අපේ නිෂ්පාදන අලෙවිය සම්පූර්ණයෙන් බිද වැටුණා. නමුත් අන්තර්ජාලය හරහා අලෙවිය සිදු කිරීමට හැකි වීම සමග අපට සුපුරුදු ලෙස ව්‍යාපාර කිරීමට හැකිවා ලැබී තිබෙනවා‘ ඇය පවසන්නීය.

ගමනා ගමන සීමා පැනවීම අතරතුර පළමු සති දෙක තුළ MyFishman හි අලෙවි කටයුතු 150%කින්තු පමණ ඉහළ ගොස් ඇත.
ගිනිකොනදිග ආසියානු කලාපයේ ජනවාරි මැද සිට මැයි මැද දක්වා නැවුම් නිෂ්පාදන ඇණවුම් දෙගුණයකට වඩා වැඩි වී ඇති බව ලාසාඩා පැවසීය.
“පාරිභෝගික අභිමතයන් වෙනස් වීමෙන් පැන නගින නව අවස්ථාවන් ග්‍රහණය කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තය ඇතුළු සෑම කර්මාන්තයකම සහ අංශයකම ව්‍යාපාර අන්තර්ජාලය හරහා යොමු වෙමින් පවතී” යනුවෙන් ලාසාඩා හි සමූහ ප්‍රධාන විධායක පියරේ පොයිජන්ට් Pierre Poignant පැවසීය.
අභියෝගාත්මක කාලය
ඉන්දුනීසියාවේ ගොවි සමුපකාරය වන Rumah Sayur Group ගම් 89ක ගොවීන් 2500 දෙනෙකුට අන්තර්ජාලය හරහා ඔවුන්ගේෙ නැවුම් නිෂ්පාදන අලෙවි කිරීමට අවස්ථාව උදාකරදී තිබේ. මෙම කණ්ඩායම මීට පෙර ග්‍රේටර් ජකර්තා ප්‍රදේශයේ සුපිරි වෙළඳසැල්, හෝටල්, අවන්හල් සහ ආපනශාලා වෙත සෘජුවම නැවුම් කෘෂි නිෂ්පාදන අලෙවි කරන ලදී.
නමුත් වසංගතයට ගොදුරු වූ විට විකුණුම් 60% කට වඩා පහත වැටුණි. ඔවුන් ඊ-වාණිජ්‍යය වෙත හැරුණේ එවිටය.
ඉන්දුනීසියානු ගොවියෙකු වන පාක් ඔපික් Pak Opik වැඩි වශයෙන් දම් පාට ගෝවා (purple cabbages) සහ ජපන් පිපිඤ්ඤා වැනි විදේශීය එළවළු ජකර්තා ප්‍රදේශයේ සහ බටහිර ජවාන් නගරය වන බන්ඩුන්ග්හි සාම්ප්‍රදායික වෙළඳපොලවල අලෙවි කරයි.
” සාම්ප්‍රදායික නාලිකා හරහා අපගේ නිෂ්පාදන අලෙවි කිරීමට අප පුරුදු වී සිටි අප වැනි ගොවීන්ට වර්තමාන වසංගත තත්ත්වය ඉතාමත් අභියෝගාත්මකයි. නමුත් ඊ-වාණිජ්‍ය හවුල්කාරිත්වය තුළින් අපගේ අස්වැන්න දැන් රටපුරා පාරිභෝගිකයින් වෙත ළඟා වෙනවා. විශේෂයෙන් වර්තමාන තත්වයන් තුළ මිනිසුන්ට පෙර මෙන් වෙළඳපොළට යාමට නොහැකි තත්ත්වයක් තුළ මේ නව ක්‍රමවේදය අපට ඉතාමත් ඵලදායී එකක් වී තිබෙනවා‘ පාක් ඔපික් පවසයි.
සාමාන්‍යයෙන් පලතුරු අපනයනය කරන දේශීය ගොවීන්ට දේශීය වශයෙන් නව ගැනුම්කරුවන් සොයා ගැනීමට ලාසාඩා තායිලන්ත රජය සමඟ එක්ව කටයුතු කරයි.
ජුනි මාසයේ පැවැත්වෙන ස්වර්ණමය පලතුරු මාසය ( Golden Fruit Month campaign) තුළ තායි රජය සහ ලසාඩා පලතුරු අලෙවිකරුවන් 50ක් දක්වා වර්ධනයක් අපේක්ෂා කරයි.

චීන ඊ-වාණිජ්‍යය දැවැන්තයා වන අලිබබා සිය ටෝබාඕ ලයිව් වේදිකාව (Taobao Live platform) ගොවීන්ට නොමිලේ විවෘත කර ඇති අතර එහි ෆුඩි ලයිව්ස්ට්රීම් නාලිකාව (Foodie Livestream channel) සමඟ චීනය පුරා සිටින ගොවීන් මිලියන 41ක් පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ කර ඇත.
ජැක් මා විසින් ආරම්භ කරන ලද තාක්ෂණික සමාගම පවසන්නේ සජීවී ප්‍රවාහයේ පළමු දින තුන තුළ නිෂ්පාදන කිලෝ මිලියන 15 ක් අලෙවි වූ බවයි.
ජූනි 02 වැනි දා බී.බී.සී ලෝක සේවයේ පළ වූ සම්පූර්ණ වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

