කවුරු කොහොම උත්සහ කළත් අපේ පක්ෂයේ සමඟිය නැති කරන්න බැහැ
- RSL
- February 25, 2020
- උණුසුම් පුවත්, දේශපාලන
- Ravi Karunanayake
- 0 Comments
එක්සත් ජාතික පක්ෂයේ සමගිය බිඳ දැමීමට කිසියම් පිරිසක් උත්සහ දරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතාගේ උපන්දිනය වෙනුවෙන් පිල්ලෑව බෝ සමිඳු අභියස පැවති ආගමික සහ සමාජීය වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
“ඉස්සරහට අපි ඔක්කෝම අත්වැලි බැඳගෙන එක පවුලක් ලෙස ඉදිරියට යනවා. මේක දකින්න ඇතැම් විට ආණ්ඩු පක්ෂය අකමැතියි. නමුත් ඒ අකමැත්ත තමයි අපි කැමැත්තක් කරගෙන යන්නේ. එක්සත් ජාතික පක්ෂය හා පෙරමුණ ජයග්‍රහණය කරවන්න ගතයුතු තීරණ අපි ගන්නවා. පොඩි නට් එකක් එහෙ මෙහෙ පැන්නට ඒකෙන් මුළු මැෂිමක් නතර වෙන්නේ නෑ. අපිට මේක හදලා ගන්න අවස්ථාව දෙන්න.”


