හිටපු මෙගා පොලිස් අමාත් පාඨලී චම්පික රණවක (පා.ච.රණවක) මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වසරේදී සන්දීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.
නොසැලකිළිමත්ව රිය ධාවනය කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනු කර ඇති චෝදනා වේ.