සජිත් සමඟ ඩීල් ගසමින් කඩේ ගිය මහින්ද සමරසිංහ ගෝඨාට එක්වෙන්න පාරක් සොයයි..!
- RSL
- November 17, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පලකළ කරමින් ඔහු සමඟ රහසේ ඩීල් ගැසූ කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මේ වන විට ජයග්‍රහණය ලබමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට සම්බන්ධ වීම සඳහා උත්සහ දරමින් සිටින බවට තොරතුරු වාර්තාවේ.
මහින්ද සමරසිංහගේ මෙම ඩීල් ගැසීම සැලවීමටත් සමඟ එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස හමු වී ඇති එජාපයේ පානදුර ආසන සංවිධායකයින් වන විජිත් ප්‍රියන්ත සහ නන්දන ගුණතිලක පවසා ඇත්තේ ශ්රීලනිපය නියෝජනය කරන මහින්ද සමරසිංහ වැන්නෙකු පක්ෂයට වද්දවාගෙන ඇමතිධුර ලබාදුනහොත් තම සහය ලබා නොදෙන බවයි.
ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අවම තරමේ අත් පත්‍රිකාවකින් වත් සහය නොදක්වන ලද ශ්‍රීලනිප මන්ත්‍රී මහින්ද සමරසිංහ පසුගිය දිනෙක එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස හමුවී පැය එකහමාරක රහස් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමා කළුතර ආසනය තුළ ගෝඨාභය වෙනුවෙන් කිසිවක් සිදුනොකරන බවත්, ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් කිසිඳු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු හෝ ආසන සංවිධායකවරයෙකු කඩේ නොයවන බවත්ය. කෙසේ වෙතත් මහින්ද සමරසිංහගේ මෙම ඩීල් ගැසීම පිළිබඳව ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතාටද වාර්තා වී ඇති අතර ආසන සංවිධායකවරුන්ද මොහුගේ මෙම කුප්‍රකට ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැනුම් දී ඇත.
පානදුර, කළුතර යන ආසන තුළ මහින්ද සමරසිංහ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් කිසිඳු සහයෝගයක් ලබාදී නොමැති අතර මේ හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප ඡන්ද ප්‍රකාශ කිරිමද අවම වී ඇත. කෙසේ වෙතත් මේ වන විට මහින්ද සමරසිංහ තමාට විදේශ කටයුතු අමාත්‍යධුරය හෝ වෙනත් අමාත්‍යධුරයක් ලබාගැනීම සඳහා නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පණිවුඩ යවමින් ඇවටිලි කරමින් සිටින බවට තොරතුරු වාර්තාවේ.

