එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත.
අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදි සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ “හංසයා” ලකුණින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තාවේ. නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණ හෙවත් “හංසයා” එජාප උප නායක රවී කරුණානායකට අයත් වන අතර අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේය්, අප පක්ෂය වෙනුවෙන් සියලු වාද බේද ඉවතලා එක පවුලක් මෙන් එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය විජයග්රහණයක් කිරීම වෙනුවෙන් කැප වී වැඩ කරන බවයි.
මෙම අවස්ථාව සදහා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම් ශාමිලා පෙරේරා මහත්මිය මෙන්ම කැබිනට් නොවන අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ සහ අජිත්.පී.පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.