ගෝඨාගේ රත්‍රං ඡාවාරමක් හෙළිවෙයි..! හිටපු රේගු අධ්යක්ෂ අත්අඩංගුවට..
- RSL
- September 28, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
සඳහිරු සෑය චෛත්‍යයේ නිධන් කිරීමට ශ්‍රී ලංකා රේගුව භාරයේ තිබූ රත්‍රං කිලෝ ග්‍රෑම් 08 ක් ලබා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු රේගු අධ්යක්ෂ ජගත් විඡේවීර සහ එහි හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ තාරක සෙනෙවිරත්න යන මහත්වරුන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (27 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත. ිටපු රේගු අධ්යක්ෂ ජගත් විඡේවීර මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. හිටපු නියෝජ්‍ය රේගු අධ්යක්ෂ තාරක සෙනෙවිරත්න මහතා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එහි ගිය මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු ඊයේ සවස ඔහු අත්අඩංගුවට ගත්හ.
මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ රැකවරණය යටතේ අදාළ රෝහල්වල ප්‍රතිකාර ලබන අතර ඔවුන් අද (28 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
පසුගිය රජය සමයේ අනුරාධපුරයේ ඉදිකිරීම් ආරම්භ කළ සඳහිරු සෑයේ නිධන් වස්තු ලෙස තැන්පත් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ රත්‍රං කිලෝ ග්‍රෑම් 08 ක් ලබාදී තිබිණි. එම රත්‍රං තොගය ලබාදීම නීත්‍යානුකූල නොවන ආකාරයට සිදුවී ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
රජයේ දේපළ නීත්‍යානුකූල නොවන ආකාරයට පැවරීම විශ්වාසය කඩ කිරීම යන චෝදනා යටතේ හිටපු රේගු අධ්යක්ෂ සහ නියෝජ්‍ය අධ්යක්ෂවරයා වෙත චෝදනා එල්ල වී තිබේ.
මෙම චෝදනා යටතේ අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත අධිකරණ නියෝග ලබාදී තිබිණි.
අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ එම නියෝග මත බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග පැවසීය.

