එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු බෙදීමක් ඇති නොවන ලෙසත් පක්ෂයේ බහුතර මතය අනුවත් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පත් කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ ඊයේ (26) ප්‍රකාශ කළේය.
ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙසේද කියා සිටියේය.
ජනාධිපතිවරණය දැන් දැනුම් දී තිබෙන නිසා ජනාධිපතිවරණයට තර`ග කරන්නයි අපි ඔක්කොම තීරණය කළේ. අපේක්ෂකයා නම් කරන එක එක්සත් ජාතික පෙරමුණෙන් එක්සත් ජාතික පක්ෂයට භාර දුන්නා. අපි අපේ අපේක්ෂකයා තෝරගන්න සාකච්ඡුා කළා. බොහෝ දෙනෙකුගේ උනන්දුවකුත් තිබුණා. දැන් මේ අනුව අපි සාකච්ඡුා කළා අද උදෙත්. බොහෝ දෙනාගේ මතය වුණේ පක්ෂය බෙදෙන්නේ නැතුව තීරණයක් ගන්නා ඕනෑ කියලයි. ඒ නිසා ඒ ප්‍රතිපත්ති අනුව තමයි ඉදිරියට යන්න තිබෙන්නේ. ඒ සඳහා පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මැතිතුමාගේ නම මෙහිදී බහුතරයක් යෝජනා කළා.
ඒවගේම ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලකුණ ගැන අපි සාකච්ඡුා කළ යුතුයි. අලියා ලකුණින් එනවා නම් මම වඩාත්ම කැමතියි. ඒත් තවත් පක්ෂ තිබෙන නිසා වෙනත් ලකුණකින් එනවා නම් හොඳයි. ඒ ගැන තීරණය කරන්න කමිටුවක් පත්කරමු.