නව හමුදාපති ශවේන්‍ද්‍රට රටවල් රැසකින් විරෝධය පළ කරයි
- RSL
- August 23, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
නව හමුදාපති ලෙස ශවේන්‍ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධව බටහිර රටවල් රැසක් සිය විරෝධය පළ කර ඇත.
මෙලෙස රටවල් විශාල ප‍්‍රමාණයක් විරෝධය පෑ මුල්ම අවස්ථාව මෙය බව ද වාර්තා වේ.
අදාළ බටහිර රටවල් සිය තානාපතිවරුන් මඟින් මෙම විරෝධය දක්වා ඇති අතර එසේ විරෝධය පෑම වියානා සම්මුතිය උල්ලංඝනය කිරීමක් බව රජයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
ශවේන්‍ද්‍ර සිල්වා මහතා පත්කිරීම ගැන රුසියාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, චීනය, මැලේසියාව, ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, ජපානය, මියන්මාරය සහ මැදපෙරදිග රටවල් කිසිදු ප‍්‍රකාශයක් කර නැත.
මේ අතර රාජ්‍ය නොවන සංවිධාන රාශියක්ද ශවේන්‍ද්‍ර සිල්වා මහතා ධුරයෙන් ඉවත් කරන ලෙස ශ‍්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ඉහත කී බටහිර රටවලින් ඉල්ලා ඇත.

