අපද්‍රව්‍ය කන්ටේනර් ශ්‍රී ලංකාවට ගෙන ආ ජනාධිපති අපේක්ෂකයා කවුද? (වීඩියෝ)
- RSL
- July 19, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
එංගලන්තයෙන් බැහැරකෙරුණු රෝහල් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 102 ක් මෙරටට ගෙන්වූයේ කවුරුන්දැයි යන්න තමා නොදන්නා බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
එංගලන්තයේ රෝහල්වලින් බැහැරකෙරුණු අපද්‍රව්‍ය කන්ටේනර් 102ක් කොළඹ වරායේ ඇති බව සමස්ත ලංකා රේගු සේවා සංගමය ඊයේ අනාවරණ කළේය.
කෙසේ වෙතත් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අපද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් කියා සිටියේ මෙය ලන්ඩනයේ සිට එවා ඇති බවත් HAYLEYS FREE ZONE LTD නැමැති සමාගම වෙත එවා ඇති බවත්ය.
මීට පෙර මෙරටට ගෙන්වන ලද එවැනි අපද්‍රව්‍ය බහාලුම් සියයකට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට කටුනායක ආයෝජන කලාපයේ තැන්පත් කර ඇත.
ලෝකයේ සංවර්ධිත රටවල් බැහැර කරන අපද්‍රව්‍ය කුඩා රටවල ගොඩගැසෙන්නේ අද ඊයේ සිට නොවේ. ලොව ප්‍රබල රටවල් ඒ සඳහා දිළිඳු රාජ්‍යයන් තෝරා ගනියි. බටහිර අප්‍රිකාවේ පිහිටි අයිවරිකෝස්ට් රාජ්‍යය අපද්‍රව්‍ය ගොඩගසන ප්‍රධාන රාජ්‍යයක්. කිසිදු සැළසුමකින් තොරව බැහැරකෙරුණු අපද්‍රව්‍ය හමුවේ එම රටවල ජනතාව මුහුණ දී ඇති සෞඛ්‍ය ගැටලුවලට හේතු වී ඇත.

