“මා ඔබ අමතන්නේ ඔබ ආදරය කරන ඔබේ අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ‘ආර්යාව’ හැටියටයි…”
හැටන් ඩී. කේ. ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේදී 13 වන දින පැවැති කාන්තා සම්මේලනයක් අමතමින් නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනී ප්‍රේමදාස තමා විසින්ම තමන් හඳුන්වා දුන්නේ එසේය. ඇය එහි ප්‍රධාන ආරාධිත අමුත්තිය වූවාය.
ජලනී ප්‍රේමදාස දැන්ම ‘ආර්යාව’ වී හමාරය. අඩුවකට ඇත්තේ සජිත් ප්‍රේමදාස තවමත් ජනාධිපති අපේක්ෂකයා හෝ නොවීමය. යම් හෙයකින් එසේ වූ කල්හී මේ ‘ආර්යාව’ කොතැන නවතීදැයි අපට සිතා ගැනීම පවා අපහසුය. තවම ජනපතිකම නැතත් නෝනා ආර්යාවක් වීම ගැන සජිත් නම් අමන්දානන්දයට පත්ව ඇතයි සිතමු. කෙසේ වෙතත් නෝනාගේ කථාවෙන් කරුණු තුනක් ගම්‍ය වන බව අප පසක්කර සිටිමු. ඒ උද්දච්චකම, මෝඩකම සහ හීනමානයයි.
සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා හැටියට තවමත් නම්කර නැත. ඒ අගමැති ඇතුළු දේශපාලනය ගැන අවබෝධයක් ඇති එජාප නායකයන් මේ ජෝඩුවගේ පැටිකිරිය ගැන හොඳින් දන්නා නිසා විය යුතුය. එහෙත් තමා අනාගත ජනපති බව ඔහු යන යන තැන නොකියා කියයි. අපට හැඟෙන ආකාරයට ඔහුගේ එකම අභිප්‍රාය ජනතා සේවය නොව සිය බිරිඳගේ ‘ආර්යා’ සිහිනය සදාකාලික කරදීම ය.
හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා රටේ දිළිඳු ජනතාව වෙනුවෙන් කිසියම් මෙහෙවරක් කළ බව අපි අමතක නොකරමු. ජනසවියද ඔහුගේ හඳුන්වා දීමකි. තමා ද පියාගේ අඩිපාරේ යමින් දුගී දුප්පත් ජනතාවට හිසට සෙවනක් ලබාදෙමින් නිවාස ඉදිකිරීමේ වැඩපිලිවෙළ දිගටම ක්‍රියාත්මක කරන බව කියමින් සජිත් රට පුරා කුකුල් කූඩු වැනි ගෙවල් හදමින් යයි. මෙහිදී සැබැවින්ම සිදුවන්නේ නිවාස ලාභීන්ට බැංකු ණයක් ලබා දී ඉතිරි මුදල ඔවුන්ගේම අතින් වැයකරමින් නිවාස ඉදිකර ගැනීම ය. ඔහුගේ උදාගම් කෙරුවාව එසේ ය. ගමේ නමට යොදන්නේ සජිත්ගේ නමේ මුල් අකුරකි. සෝභිතගම, සෙවනගම, සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම, උදාහරන කීපයකි. මෙසේ නිවාස ලබා දී ඇති අයගෙන් කීයෙන් කීදෙනෙක් හිසට සෙවනක් නැති අයදැයි අපි මීට පෙර පෙන්වා දී ඇත්තෙමු. සත්‍ය කථාව නම් සජිත්ගේ උදාගම් ව්‍යාපාරය තුල සිදුවන්නේ එජාප ආසන සංවිධායකවරුන්ගේ ගෝල බාලයන්ට නෑ හිතවතුන්ට තව තවත් ගෙවල් ලබා දීමය. මෙය උස නම් සිකුරිටි – මිටි නම් කම්කරු පන්නයටත් වඩා අප්‍රභංශයකි. සජිත් ජනාධිපතිවරණයෙන් බිංදුවටම වැටෙන්නේද ඔහුගේ මේ මජර වැඩේ නිසාමය.
සජිත් ප්‍රේමදාස නිර්මාණශීලී දේශපාලකයෙක් නොවේ. ඔහුට එවැනි දැක්මක්ද නැත. තාත්තා කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතාය. සජිත් ඒ ජාතියේ පුතෙකි. සිය බිරීඳ නිහතමානී කාන්තාවක් කරගැනීමට තාත්තටද නොහැකි විය. ඉතින් මේ හාදයා නොට්ටිගෙ පුතා නොවී තියෙයිද?
ලෝකෙය් ප්‍රථම අගමැතිවරිය සිරිමා බණ්ඩාරනායක මහත්මියයි. ‘මැතිණිය’ කී පමණින් ඇය මුළු රටම හඳුනයි. ඇයට කිසිවෙක් ‘ආර්යාව’ හෝ ‘උත්මාවිය’ කීවේ නැත. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති තුමියද ආර්යාවක්වක් උත්තමාවියක් වූයේ නැත. අපේ රටේ ඇති සමාජ පිළිගැනීම් අනුව මේ දෙනාම උසස් කුලවල කාන්තාවන්ය. ‘මැතිණිය’ ‘මහත්මිය’ යන ඇමතුම්වලින් ඔවුහූ සෑහීමකට පත්වූහ. ඒ නිහතමානී කමයි. එහෙත් ජේ. ආර්. ජයවර්ධන, ආර් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ගේ බිරින්දෑවරු ආර්යාවන් වූහ. ඒ සිය පුරුෂයන් ජනාධිපතිවරු වීමෙන් පසුවය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව සහභාභී වූ මුල්ම ප්රවෘත්ති සාකච්චාවේදී ප්‍රකාශ කළේ තමා ජනාධිපති තුමා යනුවෙනුත් සිය භාර්යාව ජනාධිපති බිරිඳ හෝ සිරිසේන මහත්මිය යනුවෙනුත් හැඳින්වීම හොඳටම ප්‍රමාණවත් බවයි. එහෙත් අද අප රටේ සිටින ඇතම් නායක පැවිද්දන් පවා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ආර්යා ජයන්තී මැතිණිය යනුවෙන් අමතමින් එපා කී දේම කරති. උන්ගේ නිවටකමට අපට කළහැකි දෙයක් නැත.
මේ අතර ඓතිහාසික තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාවාසී අප සියළු දෙනාම ආර්යයන්ය. ඒ පරපුර විජයගේ ආරම්භ වෙයි. අතීත රජ දරුවන්ට ද දේවීන්නාන්සේලා, බිසවුන් වහන්සේලා මිස ආර්යාවන් සිටියේ නැත. කෙළෙසුන් දුරු කළ බුදු පසේබුදු මහ රහත් යන උතුමන්ද ආර්යයන් වහන්සේලා ලෙස හැඳින්වේ. උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධකරගත් උත්තමයන්ය.
මේ හැමටම වෙනස් කාන්තාවන් පමණක් අඳින ‘ආර්යා’ නමින් හැඳින්වෙන සනීපාරක්ෂක තුවා විශේෂයක් ද වෙළඳපොළේ ඇත. ඒවා සිරුරේ රහස් තැනක අළවා ගන්නේ සුව පහසුව සඳහා පමණක්ම නොව කිසියම් ප්‍රමාදයකින් සිදුවිය හැකි විළි ලජ්ජාවද වසාගැනීම සඳහාය. ජලනී ප්‍රේමදාසට එවැනි සැකසුරුවමක්වත් ඇත්දැයි අපට ප්‍රශ්ණයකි.
-ආර්. ජී. ධර්මදාස-
ලංකා ඊ නිව්ස්