ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කළ අතිවිශිෂ්ට තරඟයක් සමඟින් 2019 ලෝක කුසලානය එංගලන්තයට (විශේෂ අවස්ථා වීඩියෝ)
- RSL
- July 15, 2019
- උණුසුම් පුවත්, ක්‍රීඩා
- 0 Comments
ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලෝක ශූරයන් තීරණය වූයේ සුපිරි ඕවරයක් යැවීමෙන් වන අතර ලන්ඩනයේ ලෝඩ්ස් පිටියේදී පැවති මෙම අවසන් මහා තරගයෙන් මෙවර ලෝක ශූරයන් බවට එංගලන්ත කණ්ඩායම පත් විය.
තරගයේ මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 241 ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්තය ද පන්දුවාර 50 අවසානයේ සියලු දෙනාම දැවී ලකුණු 241 ක් ලබාගත්තේය.
ඒ අනුව සුපිරි පන්දු වාරයක් යැවීමට තීරණය විය.
සුපිරි පන්දු වාරයේදී එංගලන්තය කිසිවෙකු නොදැවී ලකුණු 15ක් ලබා ගත් අතර නවසීලන්තයද ලකුණු 15ක් සිය සුපිරි ඕවරයේදී ලබා ගත්තේ එක් කඩුල්ලක් දැවී යමිනි.
ඒ අනුව එංගලන්තයට ජයග්‍රහණය ලබා දෙන ලද්දේ තරගයේ සුපිරි ඕවරයේ වැඩිම හයේ හතරේ පහරවල් ගණන එල්ල කිරිම සලකමිනි.

