බොහෝ දෙනා විවිධ දේශපාලන අරමුණු සහිතව තමා හිරේ සිටියදී සුවදුක් බැලීමට පැමිණියද තමාට නිදහස ලබා ගැනීම වෙනුවෙන් දැඩි කැපවීමකින් අවසානය දක්වා සුවිශේෂී කාර්යභාර්යක් සිදුකළේ ශ්‍රීලනිප කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා බවත්, එම නිසා තමාගේ විශේෂ ස්තුතියක් සහ ගෞරවයක් එතුමාට පුදකරන බවත් පැවසූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්, තිලංග සුමතිපාල මහතා යනු පරම්පරාගත සිංහල බෞද්ධයෙකු බවත්, බෞද්ධ සම්මේලනය ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් ඒ හරහා සිංහල බෞද්ධ සමාජයට සුවිශාල වැඩකොටසක් සිදුකළ අයෙකු නිසාවෙන් ඊට කෘතගුණ දැක්වීමක් ලෙස මෙම “දැය එක රොදකට” ගොනු කරන මහ සමුළුව සඳහා ආරාධනා කළබවත් ජූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජූජ්‍ය ඥානසාර හිමියන් පැවසූයේ,
උලමා සභාවටත්, ඊට ඉහළින් තිබෙන ශූරා සභාවටත් මුස්ලිම් ජන්ද ලක්ෂ 14කට කෙළ හලමින් සිටින දේශපාලන තක්කඩින්වත් හුරතල් කලා ඔය ඇති කියලා අපි කියනවා. මේ ඉලන්දාරීන්ට අපි කියනවා බය වෙන්න එපා පුතේ අද අපි වැඩේ පටන් ගන්නවා. අපි හදනවා සිංහල ආණ්ඩුවක්. සිංහලයන්ට නැගිට ගන්න පුළුවන් ආණ්ඩුවක්. තමන්ගේ රටේ කෙන්ද කෙළින් තියාගෙන අභිමානයෙන් ඉන්න පුළුවන් ආණ්ඩුවක්. එක එකාගෙන් ටොකු කන්නේ නැති ආණ්ඩුවක්. තිලංග මහත්තයෝ, ඔය මන්ත්රීකම් වැඩක් නැහැ. ඔය මලයිලව්ව පැත්තකට දාලා එන්න. කට්ටියත් අරන් එන්න. හදමු අපි එක පෙරමුණක්. ජාතිය නැගිට්ටවන පෙරමුනක්. අපේ කම ගොඩ නඟන පෙරමුණක්. අපට වග කියන පාර්ලිමේන්තුවක්. රටට ජාතියට වග කියන පාර්ලිමේන්තුවක්. පාර්ලිමේන්තුව තුල සිංහලයා බලවත් වුණු පාර්ලිමේන්තුවක්.