ශ්‍රී ලංකාවේ ජනගහනය සීඝ්රයෙන් වියපත් වන බව සමීක්ෂණයකින් සොයාගනී
- RSL
- July 9, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
ලෝක ජනගහන දිනය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ශ්‍රී ලංකාවේ ජනගහනයේ වියපත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන් රැස් කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලාංකික කාන්තාවකගේ උපතේදී ආයු අපේක්ෂාව වසර 79ක් වන අතර පිරිමියකුගේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 72කි.
එයින් අදහස් වන පරිදි වයස අවුරුදු 60 සපිරෙන විට ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉදිරියේ තවත් අවුරුදු 19ක් තිබියදී පිරිමින් ඉදිරියේ අවුරුදු 12ක කාලයක් තිබේ. දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන වියපත් වන ජනගහනය සිටින ශ්‍රී ලංකාවේ 2020 වසර වන විට පුරවැසියන්ගෙන් පහෙන් එකක් ම වයස අවුරුදු 60ට වැඩි වන බව පුරෝකථනය කර තිබේ.
ශ්‍රී ලංකාවේ වියපත් වන ජනගහනයේ බහුතරය කාන්තාවන් වන අතර, වියපත් වීමේ මෙකී ස්ත්රීිකරණය විසින් රට සූදානම් විය යුතු සුවිශේෂ අභියෝග සහ අවස්ථා උදා කර දී ඇත.
1994 වසරේදී රාජ්‍ය 179ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණ ජනගහනය සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ අසම්පූර්ණ කාර්යභාරය කෙරෙහි මෙම වසරේ ලෝක ජනගහන දිනයේ අවධානය යොමු කෙරේ. මහජන හිමිකම්, තෝරාගැනීම් සහ යහපැවැත්ම තිරසර සංවර්ධනයට මග බව 1994 සමුළුවේදී පිළිගන්නා ලදී.
ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සුබසාධන අමාත්‍යාංශය සහ හෙල්ප්.ඒ.ජ් ශ්‍රී ලංකා සමඟ එක්ව ජනගහන වියපත් වීම පිළිබඳ ඉහළ පෙළේ ප්‍රතිපත්ති සංවාද මාලාවේ දෙවන සංවාදය කැඳවා තිබේ.
එහි තේමාව වන්නේ ‘සීමාවන්ගෙන් නිදහස්ව වියපත් වීම’යි. ජනගහන වියපත් වීම මගින් උදා කරනු ලබන අවස්ථා උපරිම කිරීම සඳහා ප්‍ර තිපත්ති මට්ටමේ දායකත්වයන් සැපයීම මෙම සංවාදයෙහි අරමුණයි. ඒ සඳහා වෙනත් රටවල පාඩම් ද උපයෝගී කරගනු ලැබේ. මෙවර සංවාදයේ මාතෘකාව වන්නේ ‘වියපත් වීමේ ස්ත්රී්කරණය’යන්නයි.
ජනගහන වියපත් වීමේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී මානයන්, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහ සමාජාරක්ෂාව සම්බන්ධ කාරණා කෙරෙහි එහිදී අවධානය යොමු කෙරේ.

