අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් පසු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඇතුළු තවත් කිහිපදෙනකු පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරියේදී කැඳවීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
පසුගියදා ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයක් අවසානයේ මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු ඇමැතිවරුන් ද විශේෂ කාරක සභාවේ අවසානයක් දැකිය හැකි බවත් ඒ මහතා කියා සිටියේය.
ජනාධිපතිවරයා විසින් මේ වනවිට රටේ ආරක්ෂාව අවුල් සහගත තත්ත්වයකට පත් කර ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙහිදී චෝදනා කර සිටියේය.