අගමැති රනිල් ෂරියා විද්‍යාලය තවත් සයිටම් උපාධි කඩයක් බවට නිර්මාණය කරගන්න සැරසෙයි (වීඩියෝ)
- RSL
- July 4, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Prime Minister Ranil Wickramasinghe
- 0 Comments
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විදේශ ආයෝජකයින් දිරිගැන්වීම සඳහා යැයි පවසමින් ෂරියා විද්‍යාලය තවත් එක් සයිටම් උපාධි කඩයක් බවට නිර්මාණය කරගැනීම සඳහා අවශ්‍ය පිඹුරුපත් අනුකාරක සභා මඟින් සකස් කිරීමට උත්සහ දරන බවක් පෙනී යයි. එය පෙරේදා පැවති කැබිනට් රැස්වීමේදී ෂරියා විද්‍යාලය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අදහස් දැක්වීමේදී අනාවරණය වී ඇත.
මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් අධ්‍යාපන හා මානව සංවර්ධන ආංශික කාරක සභාව ඉදිරිපත් කර ඇති වාර්තාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනුකාරක සභාවක් පත්කර ඇත.
පෙරේදා (03 ) පැවති ඇමැති මණ්ඩල රැස්වීමට අදාළ කාරක සභා වාර්තාව ඉදිරිපත් වූ අතර එහිදී ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡුාවට ලක්ව තිබේ.
මුදල් ඇමැති මංගල සමරවීර, නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම්, ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන්, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම යන මහත්වරු මෙම අනුකාරක සභාවේ සාමාජිකයෝ වෙති.
පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව බැටිකලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඞ් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කර ගතයුතු ක්‍රියාමාර්ග ඇමැති මණ්ඩලයට වාර්තා කිරීමට මෙම අනුකමිටුවට පවරා තිබේ.

