ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුව පැවැත්වෙන අගෝස්තු 11 වැනිදාට පසුදින (12) සිට ආණ්ඩුව ගෙදර යැවීමේ දින සීයේ වැඩපිළිවෙළ ආරම්භ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ජනාධිපතිවරණය සඳහා අද සිට තව ඇත්තේ දින 148 ක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවේදී ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න රටට හෙළිකරන බවත් මන්තී‍්‍රවරයා සඳහන් කළේය.
සියලූ ප්රගතිශීලි දේශපේ‍්‍රමී ජාතික බලවේග නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයෙක් එදින රටට හෙළිකරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මීළ`ග ජනාධිපතිවරයා නිසැකයෙන්ම ලෝක බලවතුන් ඉදිරිපිට දණ නොනමන, අන්තවාදයට, ත්රස්තවාදයට එරෙහිව සටන් කළ හැකි, 21 වැනි ශතවර්ෂයට අවැසි නූතන දැක්මක් සහිත එඩිතර නායකයෙක් විය යුතු මෙන්ම මේ රටේ සියලූ ජනවාර්ගික කණ්ඩායම්වලට මෙය මාගේ රට කියා ආඩම්බරයෙන් කියන්න පුළුවන් රටක් හදන නායකයෙක් වියයුතු බවද මන්තී‍්‍රවරයා පැවසීය.
බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කීය.