ඉස්ලාම් ආගම හැරයන්නන් මැරිය යුතු බව පෙළ පොත්වල සඳහන්! – රිශ්වින් ස්මත් කාරක සභාව හමුවේ හෙළිකරයි
- RSL
- June 22, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Islamic Colleges, Islamic Terrorism
- 0 Comments
ඉස්ලාම් ආගම හැරයන පුද්ගලයින් මරාදැමිය යුතු බවට, මෙරට පාසැල් සිසුන්ට ලබාදෙන ඉස්ලාම් පෙළපොත්වල 1981 වසරේ සිටම සඳහන්ව තිබූ බව පෙරේදා (20) පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවේ ස්වාධීන පුද්ගලයෙකු ලෙස සාක්ෂි දුන් රිශ්වින් ඉස්මත් මහතා අනාවරණ කර සිටියේය.
ඔහු එහිදී පැවසුවේ එවැනි කරුණු පාසැල් පෙළපොත්වල තිබියදී සහරාන් වැන්නන් බිහිවීමට සිරියාවේ සහයෝගය අවශ්‍ය නොවන බවයි.
“ඉස්ලාම් ආගම ඇතෑරියාම මරා දැමිය යුතුයි කියන දේ ආගමේ තියෙන දෙයක්. ඒ වගේම අධයාපන අමාත්‍යංශය නිකුත් කරන පාසල් දරුවන්ගේ පෙළ පොත්වලත් මේ බව සඳහන් වෙලා තියෙනවා.
අලුත් පොතේ පවා ඒක වෙන විදිහකට සඳහන් වෙලා තියෙනවා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
එසේම පෙළ පොත්වල දෙමළ භාෂාවෙන් සඳහන්ව ඇති වචනය “මරණ දඬුවම” යන අර්ථ දෙන්නක් නොව “ඝාතනය” යන අර්ථය බවත් ඔහු පෙන්වා දුන්නේය.

