පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ රාජ්‍ය නිළධාරින් කෝටුමස් කිරිමට එරෙහිව විරෝධතා ගොනුවෙයි; කථානායකටත් පැමිණිලි
- RSL
- June 14, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
මෙරට ජාතිවාදය, අන්තවාදය පතුරුවන සහ ඊට උඩගෙඩි දෙන කුප්‍රකට දේශපාලඥයින් විසින් සංවිධානාත්මකව පාස්කු ප්‍රහාරය සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව දඬමීමා කරගනිමින් මෙරට රාජ්‍ය සේවය සහ රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවය අමු අමුවේ කෙළෙසමින් ඔවුන්ව කෝටුමස් කරමින් සිටින බව “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කථානායක කරු ජයසුරිය මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටිති.
කරුණු 11කින් සමන්විතව කථානායකවරයා වෙත යොමු කරන ලද ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
කතානායකතුමා,
ශ්‍රිලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රි ඡයවර්ධනපුර පාර,
කෝට්ටේ.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ රාඡ්‍ය නිළධාරින් කෝටුමස් කිරිම සම්බන්ධවයි.
පසුගිය අප්‍රේල් 21වන දින සිදු වු පාස්කු ප්‍රහාරය සම්බන්ධව වගකිවයුතු පාර්ශව විශේෂ කාරක සභාව හමුවේ සාක්‍ෂි කැදවිම පසුගිය දිනවල සිදු වු අතර ඊයේ දිනයේ එනම් 2019/06/13 දින රාඡ්‍ය පරිපාලන ස්වදේශ අධිකරණ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඡේ.ඡේ.රත්නසිරි මහතා සාක්‍ෂි ලබා ගැනිමට කැදවා තිබුණි.
එහිදි රාඡ්‍ය නිලධාරින්ගේ නිළ ඇදුම් පැලදුම් සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍ර ලේඛණය තුලින් මුස්ලිම් කාන්තාවන්ට හිරිහැර සිදු වු බවට හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා දිගින් දිගටම ප්‍රකාශ කරමින් එම චක්‍රෙල්ඛණය නැවත තාවකාලිකව වෙනස් කරන ලෙස සිදු කල බලපෑම පිළිකුලින් යුතුව හෙලා දකිමු.මෙම චක්‍රලේඛණය තුලින් රාඡකාරි වේලාව තුල කාර්යාලයට පැමිණෙන පිරිමි නිළධාරින් හා කාන්තාවන්ට සැරසිය යුත් ක්‍රම වේදය පිළිබදව ලේකම් වරුන් ,පාළත් ලේකම් වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත දන්වා තිබිණි.
මේ ක්‍රියාදාමය ගෙන තිබුනේ රඡයට අයත් කාර්යාල පරිශ්‍රය වල ආරක්‍ෂව තහවුරු කිරිම සදහා හා විශ්වාසය ගොඩනැගිම සදහාය.කෙසේ වෙතත් මෙම චක්‍ර ලේඛණය අමාත්‍යංශයේ ගරු අමාත්‍යතුමන්ගේ හා නිළධාරින්ගේ රැස්විමක් මත ගත් තින්දුවක් පරිදි නිකුත් වු එකක් බව ලේකම්තුමන් පවසා සිටියදි එය එසේ සිදු වුවත් ගරු අග්‍රමාත්‍යතුමන්ගේ කැමැත්ත එය නොවන බව විශේෂ කාරක සභාවේදි තීරණය විය.ඔවුන්ගේ නිගමනයන් බලාහත්කාරයෙන්ම ඒත්තු ගන්වා නිළධාරින් මෙසේ අපහසුතාවයන්ට පත් කිරිමට මෙම කාරකසභාවට ඇති නිතීමය අවසරය කුමක්ද යන්න අපට අපැහැදිලිය.
මෙම චක්‍රලේඛනයට අභියෝගයට ලක් කරන ලද අමාත්‍ය රවි කරුණානායක මහතා කියා සිටියේ ජනාධිපතිවරයා, අගමැතිවරයා මේ ගැන විමසිමේදි විෂය භාර අමාත්‍යවරයා නොදැන සිටිබවයි. සංවාදය සිදුවි ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර වුවත් එයට අදාල ලිඛිත ලේඛණයක් ඉදිරිපත් වුයේ නැත.
එහෙත් එවැනි සාකච්ඡා උපුටා දක්වමින් රාජ්‍ය නිළධාරින්ට එම කාරණා ඒත්තු ගැන්විමට සිදුකරන්නාවු බළපැම තුල ඔවුන්ගේ මානසික තත්වයන් සිතා ගත යුතු කාරණාවකි.
ඔබතුමාගේ අවධානයට යොමු කල ප්‍රධාන කාරණා අප විසින් මෙසේ දක්වමි.
- රාඡ්‍ය නිළධාරින්ට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් හමුවේ අදහස් දැක්විමේදි ඊට අදාල තොරතුරු සැපයිම හැර වෙනත් පරිබාහිර සිදුවිම් ඉලක්ක කර ගනිමින් සිදුකරන්නාවු පිඩනය ( ජනාධිපති – අගමැති අතර සාකච්ඡා)
- ජාතිවාදි අන්තවාදි ව්‍යාප්ත වාදයට ඉඩහසර වෙන් කරමින් ඇදුම් පැළදුම් තුලින් නිළධාරින් වෙන් කිරිමට කරන්නාවු නිර්ලජ්ජිත බලහත්කාර උත්සාහය පිළිබඳවත්,
- මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධව ඇතිවි ඇති සමාජ සංවාදයට ඇහුම්කන් නොදි අත්තනෝමතිකව නිකා -බුර්කා වැනි ඇදුම් පැළඳුම් පිළිගන්නා ලෙස නිළධාරින්ට තර්ජනය කර සිදු කරන්නාවු පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු පිළිබදවත්,
- එම කාරක සභාවන්ට පොදුවේ අමාත්‍යංශ මට්ටමින් ගත් තින්දු මත නිකුත් කරන ලද චක්‍ර ලේඛණයක් නැවත ආපසු හරවා එය තාවකාලිකව තහනම් කිරිමට කරන්නාවු බලපැම් පිළිබඳවත්,
- අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකුගේ ලිපියක් උපුටා ගනිමින් චක්‍ර ලේඛණයක් නැවත අවලංගු කිරිමට නිතීමය බලයක් මෙම කාරක සභාවට තියේද යන්න පිළිබඳවත්,
- එසේම නිළධාරින් පෙන්වා දෙන්න වු නිතීනුකූල කරණවන් ඔවුන්ගේ තනි මතයක් කොට සලකා දරදඩු තීන්දු/තීරණ වශයෙන් හුවා දක්වා නිළධාරින්ගේ ගෞරවයට කැලැල් ඇති කිරිම පිළිබදවත්,
- තමන් නියෝඡනය කරන්නා වු(රවුෆ් හකිම්) ඡාතිය ආගමික වෙනුවෙන් පෙනී සිටිම සදහා වන පටුදේශපාලන අරමුණු වෙනුවෙන් නිළධාරින් අපහසුතාවයට පත් කරමින් සිදු කරන්නා වු ප්‍රශ්න කිරිම් පිළිබදවත්,
- හිටපු අමාත්‍ය එම්.එල්.ඒ.එච්.හිස්බුල්ලා මහතා මතු කරන ලද මුස්ලිම් කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු අපේක්‍ෂකයන් ත්‍රස්තවාදි සහාරන් සමග ලබාගත් ඡායරූප ඉදිරිපත් කිරිමේදි එම පක්ෂයේ නායක රවුෆ් හකිමි මහතා විශේෂ කාරක සභාවේදි ඔහුගෙන් ප්‍රශ්න නොකිරිම පිළිබදවත් ,
- එවන් චෝදනාලත් අය(රවුෆ් හකිම්)මෙවැනි විශේෂ කාරකසභාවල සමාඡිකයන් විමෙන් සාධාරණ යුක්ති සහගත විමර්ශනයක් බලාපොරෙත්තු විය නොහැකි බව පිළිබදවත්,
- දෙමළ සංධානයේ මන්ත්‍රී සුමන්තීරන් මහතාගේ ප්‍රශ්න කිරිම සම්බන්ධයෙන් විමර්ශනාත්මක අවධානය යොමු කිරිමේදි පැහැදිවන්නේ මෙරට පවතින උසස් රාඡ්‍ය යාන්ත්‍රණය සදහා වන බලපෑමක්ද යන්න පිළිබදවත්,
- මෙවැනි ස්ලාමීය අන්තවාදී සංවේදිකාරණවන් පිළිබදව රාඡ්‍ය නිළධාරින් ගත් තීන්දු ප්‍රසිද්ධියේ අභියෝගයට ලක් කිරිමේදි ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබදව ඇති තර්ඡන පිළිබදවත්,
මේ පිළිබදව ඔබතුමන් සොයා බලා මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් හා රාඡ්‍ය නිළධාරින්ගේ ආරක‍්ෂව හා අභිමානය වෙනුවෙන් කටයුතු සිදුකරනු ඇතැයි අපේක්ෂා කරමි.
එසේම මෙම වීශේෂ කාරක සභාව තුලින් රටේ ආරක්ෂාව ස්වරීභාවය රාඡ්‍ය යන්ත්‍රණය අවධානමට ලක්වෙමින් බවතින බවද විශේෂයෙන් ඔබතුමාගේ අවධානයට වැඩිදුරටත් දන්වමි.
ස්තුතියි.
මිට විශ්වාසී,
පුජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමි
සභාපති – සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය

