තොරණ් හා දන්සල් නීත්‍යනුකූලව තහනම් කරන ලෙසට ඉල්ලීමක්
- RSL
- May 29, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
වෙසක් සහ පොසන් පෙහොය දිනවලදී තොරණ සහ දන්සල් පැවැත්වීම නීත්‍යනුකූලව තහනම් කිරීමට අදාළ නීතිරීති අනුමත කරදෙන ලෙස බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.
ත්‍රෛනිකායික මහනාමිහිවරුන් බැහැදැකීමට ඊයේ(27) මහනුවරට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේය.
අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා ප්‍රථමයෙන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැකීම ආශිර්වාද ලබාගැනීම සඳහා අස්ගිරි මහා විහාරය වෙත පැමිණියේය.
අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගෙන්ද ආශිර්වාද ලබාගත්තේය.

