හෙට කොළඹට පැය 24ක ජල කප්පාදුවක්
- RSL
- March 29, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Watercut
- 0 Comments
හෙට(30) උදෑසන 9 සිට 31 වන දා උදෑසන 9 දක්වා පැය 24ක කාලයක් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රධාන නගර කීපයකට ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව, කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ,කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයට , මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයට, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට, රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට මෙම ජල කප්පාදුව සිදුවනු ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ හදිසි විසන්ධි කිරීමක් හේතුවෙන් සහ හදිසි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

