මහින්ද කියන ඕනෑම අපේක්ෂකයෙකුට කොන්දේසි විරහිතව බැසිල්ගේ සහය ස්ථිරයි (වීඩියෝ)

Spread the love

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම නායකයෙකුට තමන් කොන්දේසි විරහිතව සහාය දෙන බව බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටියි.

කළුතරදී ඊයේ (09) පස්වරුවේ පැවති කාන්තා හමුවකදී තම අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

එසේම ජනාධිපති මැතිවරණය අනිවාර්යයෙන්ම දෙසැම්බර් 07 දිනට පෙර පැවැත්විය යුතු බවත් ඒ සඳහා අනිවාර්යයෙන්ම පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයා ජයග්‍රහණය කොට දෙසැම්බර් 09 වන දින රටේ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙනු ලබන බවත් බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටියේය.

ඇතැමුන් පවසන පරිදි තම පක්ෂය තුළ කිසිදු භේදයක් නොමැති බවත් පක්ෂයේ පරමාදර්ශී නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිටින බවත්,ඉදිරි ජනාධිපතිවරණය හමුමේ එන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට තමන් සූදිනම් බවත් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවත් බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටියේය.

RSL

Related Posts