දුරකථනය සහ පරිගණකය අධ්‍යාපනය ලැබීමේ මෙවලම් කරගත යුතුයි
- RSL
- February 12, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Prime Minister Ranil Wickramasinghe, UNP
- 0 Comments
විසි එක්වන සියවසට ගැලපෙන අධ්‍යාපන රටාවක් නිර්මාණය කිරීමේ දී විද්‍යා හා තාක්ෂණික අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජංගම දුරකථනය, පරිගණකය යනාදිය අධ්‍යාපනය ලැබීමේ ආයුධ බවට පත් කර ගත යුතු බවයි.
හොරණ දොඩංගොඩ සීලරතන මහා විද්‍යාලයේ ගොඩනැඟිලි සංකීර්ණයක් විවෘත කිරීම වෙනුවෙන් අද(11) පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
එසේම ඉදිරි වසර කිහිපය තුළ අපනයනයට මුල්තැන දෙන සිඝ්‍ර ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත්, යුද්ධය අවසන් වු පසු යළි ආර්ථීක සංවර්ධනයක් කිරිම සඳහා එම කාලයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගත් බවත් අග්‍රාමාත්‍යවරයා තවත් ජනහමුවකදී පවසා ඇත.

