මහ බැංකුව කොල්ල කෑ රනිල් ප්‍රමුඛ එජාපය රේගුව ඉහගෙන කන්න සැරසෙයි! ජනපති අණින් පළමු උත්සහය වැළකෙයි!

Spread the love

රටේ රාජ්‍ය ආදායමට මුදල් රැස්කරදෙන මෙන්ම රටේ ආරක්ෂාවට අතිශය වැදගත් ශ්‍රී ලංකා රේගුවේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කොට නිසි සුදුසුකම් නොමැති එක්සත් ජාතික පක්ෂයේ බත් බැලයෙකු පත්කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කුප්‍රකට සඟයා වන මංගල ගත් පළමු උත්සහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විරෝධය හමුවේ වැළකී ගොස් ඇත.

මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව මහ දවල් කොල්ල කන ලද්දේ රනිල් වික්‍රමසිංහ කුප්‍රකට සඟයෙකු වන සිංගප්පුරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් ලවා වන අතර ශ්‍රී ලංකා රේගුවෙන්ද මුදල් ඉහගෙන හොරාකෑම සඳහා මෙම කුප්‍රකට සැලැස්ම රනිල් සහ මංගල එක්ව ක්‍රියාවට නැංවීමට උත්සහ දරා ඇත.

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉවත් කර නාවික හමුදා විශ්‍රාමික නිලධාරියෙකු වන රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු පත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විරෝධය පල කර ඇති බවට වාර්තාවේ.

මුදල් ඇමතිවරයාගේ කැබිනට් පත‍්‍රිකායට විරෝධය දක්වමින් ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කල යුතුව ඇත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශේෂ ශ්‍රේණියේ) අයෙකු බවත් ඉන් පිටස්තර විශ්‍රාමිකයන් පත් කිරීම හේතුවෙන් රේගු නිලධාරීන් පසුබැසීමට හේතු වී ඇති බවත් රාජ්‍ය සේවයේ මෙවැනි පත් කිරීම් නුසුදුසු බවත් ජනාධිපතිවරයා නිර්දේශ මගින් පෙන්වා දී ඇත.

මෙම තනතුරට සුදුසුකම් ඇති නිලධාරීන් එම සේවාව තුලම උවමනා තරම් සිටින බවත් මෙම පත් කිරීමට තමන් එකග නොවන බවත් ජනාධිපතිවරයා දන්වා ඇති බවද වාර්තා වේ.

මෙරට සිදු වූ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන රුපියල් බිලියන 16ක බී.එම්.ඩබ්. වාහන වංචාව සොයා ගන්නා ලද්දේද චාල්ස් මහත්මියයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් ඉවත් කිරීම සඳහා ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකු සහ වාහන ආනයනකරුවකු දැඩි උත්සාහයක නිරතව සිටින බවත්, එක්තරා ජාවාරම්කරුවකු මීට දින දෙකකට ඉහතදී ආනයනය කළ එතනෝල් තොගයක් මුදා හරින ලෙසට අධ්‍යක්ෂ ජනරාල්වරියට තර්ජනය කර තිබූ බවද හෙළිවේ.

රේගු ආදායම විශාල ලෙස පහත වැටී ඇති බව පවසමින් මේ දේශපාලනඥයන් හා ජාවාරම්කරුවන් රේගු අධ්‍යක්ෂවරිය ගැන ව්‍යාජ තොරතුරු හුවා දක්වමින් සිටින බවටද වාර්තාවේ.

RSL

Related Posts