මෛත්‍රී රාජ්‍ය සේවකයින්ට රාජකාරී වේලාවන්හිදී ෆේස්බුක්, ස්මාට් ෆෝන් තහනම් කිරීමට සැරසෙයි!
- RSL
- January 30, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Maithri Gunarathne
- 0 Comments
මධ්‍යම පළාත් රාජ්‍ය සේවකයන් සිය රාජකාරි කාලයේදී ස්මාට් ෆෝන් හෝ ෆේස්බුක් භාවිත කලහොත් වැඩ තහනම් කරන බවත්, නිලධාරියා සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පවත්වන්නේ ඉන් පසුව යයිද පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න පවසයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අනියම් සේවකයන් 139කට ස්ථිර පත්වීම් ලබා ල සීහ සදහා ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැති උත්සවයක් අමතමිනි.

