නිවාස අධිකාරියේ වාර්ෂික වාර්තාව විගණකාධිපති ප‍්‍රතික්ෂේප කරයි; ඇමති සජිත්ටත් වංචා-දූෂණ චෝදනා!
- RSL
- January 25, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- corruptions, Sajith Premadasa, UNP
- 0 Comments
ජාතික නිවාස සංවර්ධණ අධිකාරියේ වාර්ෂික ගිණුම වාර්තාව රජයේ විඝණකාධිපති විසින් ප‍්‍රතික්‍ෂෙප කර ආපසු එවා ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධර්ම ශ‍්‍රී කාරියවසම් සදහන් කරයි.
අද වින විට ආයතනය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ දේශපාලන වැඩ සදහා අති විශාල මුදලක් නාස්ති කරමින් සිටින බවටත් ඔහු චෝදනා කරයි.
2015 ජනවාරි 08 වැනිදා වන විට අධිකාරියේ සම්පුර්ණ සේවක ගණන 1387ක් වූ බවත් අද වන විට නව බදවා ගැනීම් 4600ක් පමණ වන බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම සියළු දෙනා සජිත් පේ‍්‍රමදාසගේ දේශපාලන වැඩ කටයුතු සදහා යොදවා ඇති බවත් ඔවුන් වැඩි පිරිසකට නිශ්චිත කාර්යාලයක් හෝ නැති බවටත් කාරියවසම් කියා සිටියේය.

