ප‍්‍රාදේශීය සභාවක්වත් පාලනය නොකල අයෙකු රටේ ජනාධිපතිකමට පත් නොකල යුතුයි..
- RSL
- January 22, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Gotabaya Rajapaksa, Presidential Election, SLPP, Udhaya Gamanpila
- 0 Comments
ජනාධිපති ධුරයට පත් වන පුද්ගලයෙකුට පරිපාලනය දේශපාලනය ගැන අත්දැකීම් තිබිය යුතු යයි අද මෙරට බහුතර ජනතාවක් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි.
මෙරට මිලියන 22ක් වූ ජනතාවගේ ඉරණම තීරණය කරන්නේ ජනාධිපතිවරයා බවත් ප‍්‍රාදේශීය සභාවක් හෝ පාලනය කර නැති පුද්ගලයෙකු මෙරට ජනාධිපති කරන්නට ජනතාව සූදානම් නැතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටී.
එවන් අවදානම් නොගත යුතු යයි ජනතාව අත්දැකීමෙන් ඉගෙනගෙන ඇති බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් කියයි.
මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සදහා චමල් රාජපක්‍ෂ, ගෝටාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන හා වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නම් යෝජනා වී ඇති බවත් ඉන් වඩාත්ම සුදුසුම කවුදැයි මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තීරණය කරනු ඇතැයිද ඔහු සදහන් කලේය.

