
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් පත්කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් පවසා ඇත.
විග්නේශ්වරන් මේ බව පවසා ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර වෙනුවෙන් දෙමළ ජාතිකයෙකු පත්වීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවට සුභපැතුම් නිවේදනයක් නිකුත් කරමිනි.
එහිදී හිටපු ප්‍රධාන අමාත්‍ය වරයා පවසා ඇත්තේ දෙමළ ජාතිකයෙකුට දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් අවබෝධයක් පවතින බවත් දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් දෙමළ ජාතිකයෙකු ලෙස සිතා කටයුතු කිරීම වැදගත් වන දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් සම්බන්ධ වී කටයුතු කළ හැකි දෙමළ නියෝජිතයෙකු උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කරන බවද වැඩිදුරටත් පැවසා ඇත.
එමෙන්ම රාගවන් මහතා දෙමළ ජනතාවගේ ගැටළු අවබෝධ කරගෙන ඉදිරියට හොඳින් කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවද හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශවරන් මහතා පෙන්වා දී ඇත.