2019 දූෂණයෙන් තොර වැඩකරන වසරක්!

Spread the love

2019 වසර දූෂණයෙන් තොරව වැඩකරන වසරක් ලෙස තමා නම් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

තම හෘද සාක්ෂියට එකඟව අවංකව වැඩ කරමින් රට ගොඩනැගීමේ අභියෝගය ජය ගැනීමට සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා අස්ගිරි අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමි බැහැ දැකිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ මෙම අදහස් පළ කළේය.

මේ අතර ජනාධිපතිවරයා අද පෙරවරුවේ දළදා සමිදුන් වැඳ ආශිර්වාද ලබාගත්තේය.

අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානිහිමි බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබේ.