එජාපෙය රනිල්ගේ ආණ්ඩුවක් සමඟ පෙරට යන්න සූදානම්! ඇමතිකම් ටිකත් වෙන්කර ගනී
- RSL
- December 15, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Former Prime Minister Ranil Wickramasinghe, Maithripala Sirisena, President Maithripala Sirisena, Ranil Wickeramasinghe, United National Party, UNP
- 0 Comments
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ආණ්ඩුවක් පිහිටුවමින් ඉදිරියට යෑමට අදාළ සැලසුම් මේ වන විට සකසමින් පවතින බවට එක්සත් ජාතික පක්ෂය පවසයි.
අධිකරණ තීන්දු සමඟ ඔක්තෝම්බර් මස 26 වනදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ අද දින 45 කට පසුව එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට ඉඩ කඩ සැලසූ අතර ඒ අනුව හෙට(16) දිනයේදී රනිල් වික්‍රමසිංහ යළිත් අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමට සූදානම් බවට වාර්තාවේ.
එසේම රනිල් වික‍්‍රමසිංහගේ අගමැතිකමින් යුතු නව ආණ්ඩුව සදහා යෝජිත කැබිනට් මණ්ඩලය බව සදහන් ලයිස්තුවක් අන්තර්ජාල පුවත් අඩවි හා සමාජ ජාලයන්හි ප‍්‍රසිද්ධ කර ඇත.
එම නිල නොවන ලේඛණය මෙසේය.
- රනිල් වික්‍රමසිංහ – අග්‍රමාත්‍ය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන
- ගාමිණී ජයවික්‍රම පෙරේරා – වනජීවී, සංචාරක කටයුතු, වයඹ සංවර්ධන සහ බුද්ධශාසන
- මලික් සමරවික්‍රම – ජාත්‍යන්තර වෙලඳ කටයුතු සහ ආයෝජන ප්‍රවර්ධන
- තිලක් මාරපන – විදේශ කටයුතු
- රවී කරුණානායක – මුදල්
- මංගල සමරවීර – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති
- අකිල විරාජ් කාරියවසම් – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු
- ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය
- වජිර අබේවර්ධන – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
- රාජිත සේනාරත්න – සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ
- රාවුෆ් හකීම් – වරාය, නාවික හා ජලසම්පාදන
- චම්පික රණවක – මහ නගර හා බස්නාහිර සංවර්ධන
- රිශාඩ් බදුර්දීන් – වෙළඳ, වානිජ සහ කර්මාන්ත සංවර්ධන
- ඩී.එම්. ස්වාමිනාදන් – නැවත පදිංචි කිරීම, පුනරුත්තාපන, උතුරු සංවර්ධන
- අර්ජුන රණතුංග – ක්‍රීඩා
- ජෝන් අමරතුංග – විදේශ රැකියා සහ ක්‍රිස්තියානි කටයුතු
- දුමින්ද දිසානායක – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත
- කබීර් හශීම් – මහා මාර්ග හා මාර්ග සංවර්ධන
- විජිත් විජයමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධ, ග්‍රාමීය ආර්ථික කටයුතු
- ඒ.එච්.එම්. ෆවුසි – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
- පියසේන ගමගේ – පළාත් සභා පළාත් පාලන
- ගයන්ත කරුණාතිලක – ජනමාධ්‍ය,පාර්ලිමේන්තු කටයුතු සහ දක්ෂිණ සංවර්ධන
- සරත් ෆොන්සේකා – කම්කරු හා වෘත්තීය සබඳතා
- තලතා අතුකෝරල – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිස්ංස්කරණ
- රංජිත් මද්දුමබණ්ඩාර – අභ්‍යන්තර කටයුතු, නීතිය හා සාමය
- පලනි දිගම්බරම් – වතු යටිතල පහසුකම් හා පශු සම්පත් සංවර්ධන
- සජිත් ප්‍රේමදාස – නිවාස, සමාජ සවිබල ගැන්වීම හා ශුභසාධන
- නවීන් දිසානායක – තරුණ කටයුතු, නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු
- හරීන් ප්‍රනාන්දු – විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්, ඌව සංවර්ධන
- මනෝ ගනේශන් – ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා හා සංහිඳියා
එහෙත් අග්‍රාමාත්‍යධුරයේ රනිල් වික්‍රමසිංහගේ නව දිවුරුම් හෝ නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් කිසිඳු නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

