කරූගේ පාර්ලිමේන්තුවේ එ.ජා.පෙ. රැස්වී රනිල් අගමැති කළ අද පිටපත ජනපතිට යවයි
- RSL
- December 12, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Former Prime Minister Ranil Wickramasinghe, karu jayasuriya, Ranil Wickramasinghe, TNA, United National Party
- 0 Comments
එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් අද(12) රැස්වූණු එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ නිල සහ නිලනොවන පක්ෂ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යළි අගමැති කළ යුතු බවට යෝජනාවක් එම පාර්ලිමේන්තුවේ සම්මත කර එය ජනාධිපතිවරයා වෙත යවා ඇත.
අදාළ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිලිබද පැවති විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වුණි.
එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 117 ක් ලැබුණු අතර විපක්ෂව කිසිඳු ඡන්දයක් නොලැබුණු අතර එක්සත් ජාතික පෙරමුණේ නිල මන්ත්‍රීවරු 103 දෙනා සහ එම පෙරමුණ නියෝජනය කරන දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 14 දෙනා යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර තිබේ.
එසේම එක්සත් ජාතික පක්ෂයේම තවත් එක් වෘත්තිය සමිති මට්ටමේ පක්ෂයක් බවත් පත්තිබෙන බවට පෙනීයන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙම ජවනිකාව සඳහා ඡන්දය භාවිත කිරීමෙන් වැලකී සිටියේය.
අධිකරණ නියෝග පිළිගනිමින් අදත් ආණ්ඩු පක්ෂය කරූගේ ඒකාධිපතිත්වයට යටවුණු එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව රැස්වීමට සහභාගී වීම වර්ජනය කළෝය.

