රනිල්ගේ නායකත්වයට නව ජවයක් දෙමින් එජාපය වැඩ අරඹයි..! (Video)
- RSL
- December 1, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Former Prime Minister Ranil Wickramasinghe, Ranil Wickeramasinghe, United National Party, UNP
- 0 Comments
එක්සත් ජාතික පක්ෂ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අගමැතිකම ජයගන්නට නව ජවයක් වන්නට සංවිධාන කරන “යුක්තියේ යාත්‍රාව” රථ පෙලපාලිය අද (01) කොළඹින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන “යුක්තියේ යාත්‍රාව” රථ පෙලපාලියේ සමාරම්භයට පෙර එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහයට ද එක් විය.
එම අවස්ථාවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද සහභාගි වූ අතර රථ පෙළපාලිය ඇරඹුණේ ආගමික වතාවත්වලින් අනතුරුවයි. අනතුරුව රනිල් වික්‍රමසිංහගේ විධානයෙන් රථ පෙලපාලිය ආරම්භ කෙරුණේය.
පෙළපාලියට එක්වූ පිරිස් ඉතා සතුටින් නටමින්, ගයමින් මීට එක්ව සිටියේ, රනිල් වික්‍රමසිංහව අගමැතිධුරයෙන් ඉවත්කොට එජාප ආණ්ඩුව ගෙදර යෑවීමේ සතුටට දැයි ප්‍රහේලිකාවක් මතුවිය.
කෙසේ වෙතත් යුක්තියේ යාත්‍රාව නමින් සංවිධාන කළ මෙම රථ පෙළපාලිය අද මොරටුව, පානදුර, කළුතර, බේරුවල, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, වැලිගම, මාතර නගර පසුකරමින් දෙවුන්දර කරා ළඟා වීමට නියමිතව ඇත.

