එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්රමුඛ එජාපයේ රනිල්වාදීන් ඊයේ (30) බලාපොරොත්තු වූ “සිකුරාදා ප්‍රීතිප්‍රමෝදය” මාධ්‍යම උදාවෙත්ම ශෝකාන්තයකින් අවසන්ව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා විය. ජනාධිපතිවරයා හමුවී එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තමන්ට බහුතරය ඇති බවත්, එම නිසා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට යළි අගමැති දෙන ලෙසත්, ඉල්ලමින් දිගින්ටම පිං සෙන්ඬු වී ඇති අතර එය ජනාධිපතිවරයා පයිසකටවත් මායිම් කර නොමැති අතර තමා කිසිඳු ලෙසකින්වත් යළි අගමැතිධුරය රනිල්ට නොදෙන බවත්, යළි යළිත් එය ඉල්ලා නොපැමිණෙන ලෙසත් පවසා ඇත.
ඉන් ඔබ්බට ගිය විසඳුමක් සම්බන්ධයෙන් අවශ්‍ය නම් සාකච්ඡා කිරීමට තමා සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම හමුව සඳහා සජිත් පේ‍්‍රමදාස, රවි කරුණානායක, කබීර් හසීම්, මලික් සමරවික්‍රම, අකිල විරාජ් කාරියවසම්, මනෝ ගනේෂන්, දිගම්බරන්, බදුර්දීන්, චම්පික රණවක, රවුෆ් හකීම්, ගයන්ත කරුණාතිලක යන එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් එක්ව සිටියහ.
සාකච්ඡාව ආරම්භයේදීම ජනාධිපතිවරයා විනාඩි තිහකට ආසන්න කාලයක් මේ කරුණු පැහැදිලි කරමින් පසුගිය වසර තුනහමාරක කාලයේ දී රටට සිදුවූ විනාශය සහ ආර්ථික පසුබෑම ගැන දීර්ඝ විස්තරයක් සිදු කළේ එක්සත් ජාතික පෙරමුණේ කිසිදු නියෝජිතයෙක් බාධා කිරීමකින් තොරවයි.
රනිල් වික්‍රමසිංහ වෙනුවට වෙනත් අයකු පත් කරගන්න තමන් අවස්ථා ගණනාවක යෝජනා කළ ද අද වනතුරු එම කටයුත්ත සිදු කර ගැනීමට හැකි වී නැති බවද පවසා ඇති ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම තමන් අගමැති ධුරය ලබා නොදෙන බව දැඩිව අවධාරණය කර ඇත.
ජනාධිපතිවරයා සිය දීර්ඝ අදහස් දැක්වීම අවසන් කරමින් එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ට අදහස් දක්වන්න කී පසු ඔවුන් විනාඩි තුන හතරක් කටඋත්තර නැති ව සිට ඇති බවද වාර්තාවෙයි.
අනතුරුව කබීර් හෂීම් මන්ත්‍රීවරයා විසින් යෝජනා කර ඇත්තේ පොදු වැඩපිළිවෙළක් යටතේ එක්වී කටයුතු කරන කිරීමට හැකිද කියයි.
ජනාධිපතිවරයා ද එය හොඳ අදහසක් බවත් සඳහන් කර ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කර එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ නොහැකි බව ද සඳහන් කළේය.
එහිදී ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ බලය ඇත්තේ එක්සත් ජාතික පෙරමුණට නිසා නව අගමැතිවරයෙක් පත් කළ යුතු බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අගමැති පත් කිරීමේ බලය ඇත්තේ තමනට මිස පාර්ලිමේන්තුවට නොවන බවත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම තමන් පත් කර අගමැතිගේ කටයුත්තක් බවත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අදහස් දක්වමින් පවසා ඇත්තේ ‘ඔබතුමා නායකත්වය අරගන්න. අපි ඔබ කියන විදිහට කරන්නම්. රනිල් වික්‍රමසිංහ මහතා නාමිකව හෝ අගමැති ලෙස තියාගෙන ඉදිරි කාල සීමාව ආණ්ඩුව කරගෙන යමු’ යනුවෙනි.
ඊට ද ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් කිසිසේත්ම අගමැතිවරයා ලෙස යළි රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම හේතුවක් මත පත් නොකරන බවයි.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාව අවසන් වී ඇත්තේ කිසිදු විසඳුමකින් තොරවයි.