එජාපෙ ආණ්ඩුවක් පිහිටුවන්න සියල්ල සූදානම්! ඇමතිකම් පිළිබඳවත් සාකච්ඡා..

Spread the love

දෙමළ ජාතික සන්ධානය විසින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය සහය ලබාදෙන බවට ඊයේ(29) ජනාධිපතිවරයා වෙත ලිඛිතවම දන්වා තිබූ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද(30) දෙපාර්ශවයම කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව නව එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) රාත්‍රියේ සිටම සිදුවන බව අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.

අරලිය ගහ මන්දිරය තුළ නව ආණ්ඩුව පිහිටුවීමට අදාළ සියලු කටයුතු ලහි ලහියේ සිදුවෙමින් පවතින අතර මේ වන විට එක්සත් ජාතික පක්ෂ හිටපු ඇමතිවරුන් තමන්ට පෙර තිබුණු අමාත්‍යංශම යළි ඉල්ලා ඇති අතර පසුගිය කාලයේ එජාපය වෙනුවෙන් අරගල කිරීමට දායක වූ ඇතැම් කනිෂ්ඨ මන්ත්‍රීවරුන් සහ හිටපු නියෝජ්‍ය, රාජ්‍ය ඇමතිවරුන් තමන් කළ කැපකිරීම් සහ සේවය වෙනුවෙන් ප්‍රබල ඇමතිකම් ඉල්ලා ඇතැයිද වාර්තාවේ. එසේම දෙමළ ජාතික සන්ධානයටද අමාත්‍යධුර හයක් ලබාදීමටද එකඟ වී ඇතැයි නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

එසේම අද (30) සිකුරාදා දිනයක් වන බැවින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයින් සතුටට සාමය සපිරුණු සුවදායී සති අන්තයක් ගත කිරීමට දැඩි අපේක්ෂාවකින් සහ උනන්දුවකින් පසුවන බව සමාජ ජාල මාධ්‍ය නිරීක්ෂණයේදී පෙනීයයි.

RSL

Related Posts