එජාපෙ ආණ්ඩුවක් වෙනුවෙන් සහය දක්වන බව දෙමළ ජාතික සන්ධානය ජනපතිට ලිඛිතවම කියයි
- RSL
- November 29, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Ranil Wickeramasinghe, TNA, United National Party, UNP
- 0 Comments
එක්සත් ජාතික පෙරමුණ නායකත්වය දක්වන ආණ්ඩුවකට සහය දක්වන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සන්ධානය මේ බව දැනුම්දී ඇති බව සඳහන්ය.
එම ලිපිය මඟින් දෙමළ ජාතික සන්ධානය දැනුම්දී ඇත්තේ වත්මන් අග්‍රාමාත්‍යවරයාට එරෙහි ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු බහුතරයකින් සම්මත වී ඇති බැවින් මෙම තීරණයට එළඹ ඇති බවයි.
පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පෙරමුණට බහුතර බලයක් පවතින අතර එම පෙරමුණ නායකත්වය ලබාදෙන ආණ්ඩුවක් සදහා තම සහයෝගය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානය සිය ලිපිය මඟින් ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.
මන්ත්‍රීවරු 14 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

