ජනපති සහ කරූ අතර සාකච්ඡා සාර්ථකයි; කරූ එජාපෙට හිරූ පායවන්න සුදානම්! එජාපෙ ආණ්ඩුව අද නොවෙයි හෙට

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කතානායක කරූ ජයසූරිය අතර සාකච්ඡාවක් අද(29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවති අතර කරු ජයසුරියගේ ඉල්ලීම මත හෙට(30) දිනයේදීද තවත් සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා ඉඩ කඩ ලබාදීමට එකඟ වී ඇත.

ඒ අනුව විපක්ෂ නායකවරයා හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයින් සමඟ වෙන වෙනම සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලබාදීමට ජනාධිපතිවරයා සුදානමින් සිටී.

රට තුළ උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ජනාධිපතිවරයා සහ කථානායකතුමා හමු වී සාකච්ඡා කර කඩිනම් විසඳුමකට එළඹීම යෝග්‍ය බවට අද පාර්ලිමේන්තුවේ දී පාර්ශව ගණනාවක් සහ පක්ෂ නායකවරු විසින්ද පලකරන ලද අදහස් සැලකිල්ලට ගනිමින් කථනායකවරයා මෙලෙස ජනාධිපතිවරයා හමුවු බව කථානායක කාර්යාලය නිවේදනය කර සිටී.

මෙහිදි කථානායකවරයා පෙන්වා දුන් කරුණු පිළිබඳව ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් පල වූ අතර, විසඳුමකට එළ‍‍ඹීමෙහිලා කථානායකවරයා ඉටු කරමින් සිටින කාර්ය භාරයද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්ව ඇත.

මේ අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට නව ආණ්ඩුවක් වෙනුවෙන් වූ තවත් බලාපොරොත්තු සහගත සිකුරාදාවක් සමඟ සුවදායී සති අන්තයක් උදාවෙමින් පවතී.