කරූ එජාපෙ කල්ලි කණ්ඩායම් සමඟ පාර්ලිමේන්තුවේ පිස්සු කෙළියි; ඕං අද තවත් එකක් සම්මතයිලු.. (වීඩියෝ)
- RSL
- November 23, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- karu jayasuriya, United National Party, UNP
- 0 Comments
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරු ජයසුරිය විසින් අද (23) යළිත් පාර්ලිමේන්තුව සහ ව්‍යාවස්ථාදායකය උල්ලංඝනය කරමින් තවත් ඓතිහාසික පිස්සුවක් කෙළිණ ලදී. මෙතෙක් පාර්ලිමේන්තු ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවල සුළුතරයක් සහ විපක්ෂයට බහුතරයක් ලබාදෙමින් එජාප කථානායක කරූ ජයසුරිය අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම පිස්සු කෙළීම ආරම්භ කළේය.
කෙසේ වෙතත් මේ වන විටත් පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රීධුර සංඛ්‍යාවක් හිමිව තිබෙන්නේ ආණ්ඩු පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානයට වන අතර එම සංඛ්‍යාව 103 කි. කථානායක කරු ජයසුරිය නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණට හිමිව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර 99ක් පමණක් වන අතර නිල විපක්ෂය ලෙස නම් කර තිබෙන දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීධුර 16 සහ ජනතා විමුක්ති පෙරමුණට 06 ක් හිමිව ඇත. ඒ අනුව පැහැදිලිවම ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රීධුර ප්‍රමාණයක් හිමිව තිබුණද එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් වන කරූ ජයසුරිය එය පිළි නොගෙන පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථා විරෝධී මෙන්ම, නීති විරෝධී ලෙස ක්‍රියාකරමින් සිටී.
ඊට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ සංවිධානයක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වහාම එය නිවැරදි කරන ලෙස කථානායක කරූ ගෙන් ඉල්ලීම් කළද එය පසෙකට දමා එජාපයේ න්‍යාය පත්‍රයට අනුකූලව ඔහු සභාව මෙහෙය වීම හේතුවෙන් පාර්ලිමේන්තු සභාවෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් ඉවත්ව ගියහ.
ඉන් අනතුරුව එජාපෙ කිහිලිකරුවක් මෙන්ම එහි නායක රනිල් වික්‍රමසිංහගේ කම්-කරු බවට පත්ව පාර්ලිමේන්තුවේ කථානායක පුටුව මෙහෙය වන කරු ජයසුරිය විසින් පාර්ලිමේන්තු කටයුතු තේරීම් කාරක සභාවට ඡන්ද විමසීමක් කැදවනු ලැබීය.
ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 121ක් ලැබී තිබූ අතර විපක්ෂව ඡන්ද කිසිවක් ලැබී නැති බව කතානායකවරයා නිවේදනය කලේය.
ඉන් සිඟිති සතුටක් ලැබූ කරූ ජයසුරිය අනතුරුව සතුට බෙදා හදාගැනීමේ සතුටු-සිඟිති කතා වාරය ආරම්භ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට සහ මේ වන විට එජාපෙම ශාඛා සමිතියක් බවට ප්‍රසිද්ධියට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව දෙන ලදී .
අනුර කුමාර සහ විජිත හේරත් එක්ව පාළුගෙයි වලං බිඳීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණ විසින් පත්වන ලද පාර්ලිමේන්තු රැස්වීම අවසන් කර යළි 27 වනදාට කල් තබා ඇත.

