රවීගෙන් අගමැති මහින්දට බාල්දියක්!
- RSL
- November 19, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Prime Minister Mahinda Rajapaksa, Ravi Karunanayake, United National Party, UNP
- 0 Comments
අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහා රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිදු බලයක් නොමැති බවට පූර්ණ යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අද(19) එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් බාර දී තිබේ.
මෙම යෝජනාව බාර දෙන බව අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂනායක රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානයක විසින් දැනුම් දී අති බවට වාර්තා වෙයි.
මේ අතර මෙම යෝජනාව පාර්ලිමේන්තුව තුළදී නොවැම්බර් මස 29 දා විවාදයට ගන්නා බවට තීරණය කර ඇති බවට වාර්තා වෙයි.
අදාළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක කොලොන්නගේ, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, චතුර සේනාරත්න යන මහත්වරුන්ගේ අත්සන් යුතුව බාරදී තිබේ.


