ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපාමින් පාර්ලිමේන්තුව කැඳවූ කරූ රෙදි නැතුව නැගිට යයි

Spread the love

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවමින් පනවන ලද අතුරු තහනම් නියෝගය දඬමීමා කරගනිමින් කතානායක කරු ජයසුරිය විසින් යළි පාර්ලිමේන්තුව අද(14) රැස්කළ අතර එහිදී ඇති වූ කලහකාරී තත්වය මත පාර්ලිමේන්තුව යළි හෙට (15) දින දක්වා කල්තබන ලදී.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩු පක්ෂයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අතර පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් එය විනාඩි කිහිපයක් ඇතුළත විභාගයට ගැනීමට කරු ජයසුරිය තීරණය කළේය. ඊට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා විරුද්ධ වූ අතර එහිදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර ගැවුම් ඇති වූ අතර එය සෙංකෝලය පැහැර ගැනීමට ආසන්න වෙත්ම කථානායකවරයා සෙංකෝලය නියමිත ස්ථානයෙන් ඉවත් කළේය.

එවැනි තත්වයක් තුල වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව හඬ අනුව තීරණය කළ බව කතානායක කරු ජයසූරිය පැවසීය.