තවත් අමාත්‍යධුර 35ක් පුරප්පාඩුයි! එජාපයේ නොසිතන පිරිසක් පෙරළියකට සූදානම්!
- RSL
- November 4, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Former Prime Minister Ranil Wickramasinghe, Ranil Wickeramasinghe, United National Party, UNP
- 0 Comments
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යවරු 30ක් පත් කළ හැකි අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 40කට සීමා වියයුතුය.
එහෙත් මේ වන දිවුරුම් දී ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 17දෙනකු, රාජ්‍ය අමාත්‍යවරු 09දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 09දෙනෙකු පමණි. ඒ අනුව තවත් කැබිනට් අමාත්‍ය ධුර 13ක් පුරප්පාඩුව පවතින අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 22ක් පුරප්පාඩුව පවති.
එක්සත් ජාතික පක්ෂය යටතේ තේරීපත්වූ මන්ත්‍රීවරු 08 දෙනෙකු නව රජයට සහය පළ කරමින් අමාත්‍යධුරවල දිවුරුම් දුන් අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරයෙක්ද ඊ.පී.ඩී.පී පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා ද නව රජයේ අමාත්‍යධුරයක් ලබාගත්තාය.
මේවන විට වත්මන් පාර්ලිමේන්තු සංයුතිය අනුව නව රජයට මන්ත්‍රීවරුන් 105ක සහයක් හිමිව ඇති අතර එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇත්තේ මන්ත්‍රී ධුර 98ක් පමණයි. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණ ස්වාධීන වූ පුජ්‍ය අතුරලියේ රතන හිමි අද(04) ජනාධිපතිවරයා ප්රමුඛ නව රජයට සහය පළකරන බවට නිල වශයෙන් දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් මේ වන විට අරලිය ගහ මන්දිරයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තනි රකිමින්, මාධ්‍ය හමු පවත්වමින් සිටින එක්සත් ජාතික පක්ෂයේ නොසිතූ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම පෙරළියේ උච්චතම අවස්ථාවේදී නව මෛත්‍රී-මහින්ද ආණ්ඩුව සමඟ එක්වීමට සියලු සැලසුම් සකස් කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙතෙක් ඇතැම් ප්‍රබල අමාත්‍යධුර ඇතුළු අමාත්‍යධුරවලින් අඩක්ම පත්නොකර සිටීමේ රහස මෙය බවද වාර්තාවේ.
මෙම එජාප මන්ත්‍රී කණ්ඩායමේ මූලික ඉලක්කය වී ඇත්තේ ඔවුන්ගේ 25 වසරක් ඒකාධිපතියෙකු ලෙස බලය බදාගෙන සිටින නායක රනිල් වික්‍රමසිංහට දිය හැකි හොඳම ප්‍රහාරය දී පැමිණීම බවට වාර්තාවේ. එහි එක් ඉලක්කයක් ලෙස ඔවුන් සඳහන් කරන්නේ අරලිය ගහ මන්දිරයට අරක් ගෙන සිටින රනිල් වික්‍රමසිංහට අවශ්‍ය තරම් දිනක් එහි රැඳී සිටීමට ඉඩ හසර ලබා දී රාජ්‍ය දේපල අවභාවිතව යටතේ ඔහු ගෙදර යනු වෙනුවට හිරේ යවා පක්ෂය ඔහුගෙන් මුදවා ගැනීම බවයි.
ඒ සඳහා අවශ්‍ය මාර්ගය මේ වන විටත් ඔහු විසින්ම ස්ථාපනය කළ “පොලිස් මූල්‍ය අපරාධ අංශය”(FCID) හරහා පෙන්වීමට පසුගිය සිකුරාදා දින (02) බොදු බල සේනා සංවිධානය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහගේ විවිධ අවශ්‍යතා සංසිඳුවාලීමේ මන්ත්‍රී කණ්ඩායම හැර අනෙකුත් අති බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් සිටින පැහැදිලි මතය වී ඇත්තේ, මෙම අමරණීය අවස්ථාව හෝ උපයෝගී කරගනිමින් රනිල්ගෙන් පක්ෂ නායකත්වය මුදාගෙන ජයග්‍රාහී මාවතට පක්ෂය ප්‍රතිසංවිධානය කරමු යන්නයි.

