එජාපයෙන් තවත් මන්ත්‍රීවරු මෛත්‍රී-මහින්ද ආණ්ඩුවට එක්වෙති

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙක් අද(04) මෛත්‍රී-මහින්ද ආණ්ඩුවට සහය පළකර එක්වෙමින් අමාත්‍යධුරයක් ලබාගත්තේය.

ඒ පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත පතිරණය.

එජාප මන්ත්‍රී අශෝක ප්‍රියන්ත සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද(04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මීට අමතරව දිනේෂ් ගුණවර්ධන මහාමාර්ග හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, වාසුදේව නානායක්කාර ජාතික ඒකාබද්ධතා සහ රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙසත්, දිවුරුම් දුන්හ.