මිලියන 500ක මුදල් සාවද්‍ය පරිහරණයට ලක් කළ ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනාගේ නඩුව නොවැ 7 සිට විභාගයට
- RSL
- November 2, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Gamini Senarath
- 0 Comments
ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 7 වැනි දා සිට විභාග කිරිමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීරණය කළේය.
මෙම නඩුව සම්බන්ධයෙන් අභියාචනයක් කිරිමට සඳහා විභාගය කල් තබන්නැයි විත්ති පාර්ශවයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීරණය ලබා දුන්නේය.
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල විසින් අදාළ නියෝගය ප්‍රකාශයට පත් කළේය.

